හේලීස් ඇග්‍රිකල්ච මෙරටදී නිපදවූ “Agrotech” රටකජු කරල් ඉවත් කිරීමේ යන්ත්‍රය වෙළඳපොළට

හේලීස් ඇග්‍රිකල්ච සමාගම Agrotech නමින් දේශීයව නිපදවූ රටකජු කරල් ඉවත් කිරීමේ යන්ත්‍රය ප්‍රථම වරට දේශීය වෙළඳපොළට හඳුන්වා දීම පසුගියදා සිදුවිය.

නවීන තාක්‍ෂණයේ සහය ඇතිව, උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය භාවිතා කිරීමෙන් හේලීස් ඇග්‍රිකල්ච සමාගමේ අනුබද්ධ ආයතනයක් වන ඇග්‍රෝ ටෙක්නිකා (Agro Technica Limited) ආයතනය විසින් මෙය නිපදවා තිබේ.

මෙම Agrotech රටකජු කරල් ඉවත් කිරීමේ යන්ත්‍රය නෙළන ලද ශාකයෙන් රටකජු කරල් කාර්යක්ෂමව වෙන් කරන බව හේලීස් ඇග්‍රිකල්ච සමාගම පවසයි.

විදුලි බලයෙන් ක්‍රියා කරන, Agrotech රටකජු කරල් ඉවත් කිරීමේ යන්ත්‍රය මිනිස් ශ්‍රමය හා සැසඳීමේදී ඉතා ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතුයි. අක්කරයක රට කජු වගාවක කරල් ඉවත් කිරීමට මෙම ඇග්‍රෝටෙක් කරල් ඉවත් කිරීමේ යන්ත්‍රයට දින 2ක් ගත වන අතර එම කාර්යය දින 2ක් තුළ මිනිස් ශ්‍රමය භාවිතයෙන් සිදු කිරීමට ශ්‍රමිකයන් 10-12ක් පමණ දිනකට භාවිතා කළ යුතුය.

එබැවින්, එය ශ්‍රම හිඟයට කදිම විසඳුමක් වන අතර, එය ගොවියාට තනිවම ක්‍රියාත්මක කළ හැකි වීම ද සුවිශේෂත්වයකි.

හේලීස් ඇග්‍රිකල්ච සමාගමේ කෘෂි උපකරණ අංශයේ සාමාන්‍යාධිකාරී සුමිත් හේරත් මහතා මෙම නව Agrotech රටකජු කරල් ඉවත් කිරීමේ යන්ත්‍රය පිළිබඳව සිය අදහස් මෙසේ දැක්වීය.“ අපගේ නිරන්තර අවධානය යොමු වන්නේ නවීන තාක්‍ෂණයෙන්, කෘෂි යාන්ත්‍රික විසඳුම් දැරිය හැකි මිලකට ලබා දීමෙන් දේශීය ගොවීන්ට ඔවුන්ගේ ලාභය වැඩි කර ගැනීමට උපකාර කිරීමයි. මෙම නව Agrotech රටකජු කරල් ඉවත් කිරීමේ යන්ත්‍රය දේශීය කෘෂි වගා ක්ෂේත්‍රයේ වර්තමාන අවශ්‍යතා සපුරාලන තවත් විශිෂ්ට නිෂ්පාදනයක් බව මම විශ්වාස කරනවා.”

කෘෂිකර්මාන්තය සහ ඒ ආශ්‍රිත ආහාර සැකසීමේ ක්‍රියාවලින් සඳහා වර්තමානයේ ලෝකයේ බොහෝ රටවල් නවීන තාක්ෂණයේ, කාර්යක්ෂමතාවයෙන් ඉහළ, කෘෂි යන්ත්‍රෝපකරණ භාවිතා කරයි. එවැනි යන්ත්‍රෝපකරණ දේශීය වෙළදපොලට හඳුන්වාදෙමින්, ශ්‍රී ලාංකීය ගොවි ප්‍රජාවට හොඳම කෘෂි විසඳුම් ලබාදීමටත්, ඒ හරහා දේශීය කෘෂිකර්මාන්තය නගාසිටුවිමටත් හේලීස් ඇග්‍රිකල්ච නිරතුරුවම උත්සහ කරයි.

Visits: 75