සොෆ්ට්ලොජික් ලයිෆ් 2022 මූල්‍ය වර්ෂයේ විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කරයි

අර්බුදකාරී ව්‍යාපාරික පසුබිමක විශිෂ්ට වාර්ෂික මූල්‍ය ප‍්‍රතිඵල වාර්තා කරමින් සොෆ්ට්ලොජික් ලයිෆ් 2022 දෙසැම්බර් 31 න් අවසන් වූ වසර සඳහා රුපියල් මිලියන 23,083 ක දළ වාරික ආදායමක් (GWP) වාර්තා කිරීමට සමත්ව ඇත.

එය පසුගිය වසරේ එම කාල පරිච්ඡේදය හා සැසඳීමේදී 15% ක් වන ඉහළ වර්ධනයකි. සමාගම දැඩි සාර්ව ආර්ථික තත්වයන් හමුවේ එම කාලසීමාව සඳහා සිය රක්ෂණ ඔප්පුහිමියන් වෙත රුපියල් මිලියන 8,264 ක හිමිකම් පියවමින් ක්ෂේත‍්‍රයේ ශක්තිමත්ව රැඳී සිටී. 

සලකා බලනු ලබන අදාල කාලසීමාව තුළ, සොෆ්ට්ලොජික් ලයිෆ් හි වෙළඳපල කොටස 2021 දෙසැම්බර් 31 වන දින 16.08% හා සසඳන විට 16.87% ක් ලෙස වර්ධනය වී ඇත. සොෆ්ට්ලොජික් ලයිෆ් සතු වෙළෙඳපල කොටස අඛණ්ඩව ඉහළ යාමත් සමඟින් මේ වන විට ජීවිත රක්ෂණ වෙළඳපොලේ දෙවැනියට විශාලතම සමාගම ලෙස ඔවුන් ශ්‍රේණිගත වී සිටින්නේ දශක ගණනාවක් මුළුල්ලේ ක්ෂේත‍්‍රයේ සිටි අනෙකුත් දැවැන්තයින් අභිබවා යන ශක්තිමත් වර්ධනීය කාර්ය සාධනයක් පෙන්නුම් කරමින්ය.

2022 වසරේ 9.6‍% වූ රක්ෂණ ක්ෂේත‍්‍රයේ ඇස්තමේන්තුගත GWP වර්ධනයට සාපේක්ෂව, සොෆ්ට්ලොජික් ලයිෆ් 15%ක GWP වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව ඇත.

මේ සියල්ලක්ම සමඟින්, රක්ෂණ ක්ෂේත‍්‍රයේ 14%ක් වූ 10 වසරක GWP සංයුක්ත වර්ධන අනුපාතයට (10 Year Compound Annual Growth Rate) සාපේක්ෂව සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් 28% ක GWP සංයුක්ත වර්ධන අනුපාතයක් (10 Year Compound Annual Growth Rate) වාර්තා කර ඇත. එමෙන්ම මිලියන 1.5 ශ‍්‍රී ලාංකික ජීවිත රක්ෂණය කරමින් අදාල කාල සීමාව තුළ රක්ෂණ ඔප්පු 133,872 සංඛ්‍යාවක් නිකුත් කිරීමත් සමඟින් මෙරට රක්ෂණ ක්ෂේත‍්‍රයේ වර්ධනය ඉහළ නැංවීම සඳහා වන සමාගමේ දායකත්වය ඉහළ ගොස් ඇති බව සොෆ්ට්ලොජික් ලයිෆ් පෙන්වා දෙයි.

සලකා බලනු ලබන අදාල කාල පරිච්ෙඡ්දය තුළ සමාගමේ බදු පසු ලාභය (PAT) රුපියල් මිලියන 2,683ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 27% ක වර්ධනයකි. බදු පෙර ලාභය (PBT) පසුගිය වසරේ රුපියල් මිලියන 1,065ට සාපේක්ෂව 36% කින් වර්ධනය වී ඇත. සමාගමේ විචක්ෂණශීලී සහ කාර්යක්ෂම වියදම් කළමනාකරණය තුළීන් 2022 පැවති දැඩි උද්ධමන තත්වය තුළදී වුවද සමාගමේ මෙහෙයුම් වියදම් අනුපාතය පෙර වසරේ අගයටම (22%) පවත්වා ගැනීමට හැකිවීමද සුවිශේෂී කරුණකිග තවදල සොෆ්ට්ලොජික් ලයිෆ් 287% ක ස්ථාවර ප‍්‍රාග්ධන ප‍්‍රමාණාත්මකතා අනුපාතයක් (CAR) පවත්වාගෙන යනු ලබන්නේ එහි නියාමන CAR අවශ්‍යතාවය වන 120% ද ඉක්මවා යමිනි.

සමාගම හානි පූරණ සඳහා වෙන්කළ ප‍්‍රතිපාදන එකවරක් ලබා දීමෙන් පසු 25% ක සැලකිය යුතු ප්‍රාග්ධනය මත ප්‍රතිලාභ අනුපාතයක් (Return on Equity) සහ කොටසකට රු. 7.15ක ඉපැයීමක් වාර්තා කර ඇත. එමෙන්ම 2022 වර්ෂය සඳහා පුනරාවර්තන කොටසක් මත ඉපැයීම (Recurring Earning Per Share) අගය රු. 5.61 සිට රු. 12.85 දක්වා වර්ධනය වීමද කැපී පෙනෙන කරුණකි.

සමාගමේ මෙම මූල්‍ය ප‍්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී සභාපති අශෝක් පතිරගේ මහතා පැවසුවේ, ‘‘රට තුළ පවතින අසීරු ව්‍යාපාරික පසුබිමක අභියෝග රැසක් මධ්‍යයේ වුවද, 2022 අවසන් වන විට අපගේ වෙළෙඳපල කොටස 16.87% දක්වා තවදුරටත් වර්ධනය කරගනිමින්, ශ‍්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම ලෙස අපගේ ස්ථාවරත්වය එලෙසම පවත්වා ගැනීමට අපි හොඳින් කටයුතු කළා. දැඩි අභියෝග මධ්‍යයේ වුවද මෙම වර්ධන වේගය එලෙසම පවත්වා ගනිමින් මෙම ජයග‍්‍රහණ අත්කර ගැනීම සඳහා අපගේ ශක්තිමත් උපායමාර්ගික සැලසුම් හේතු වුනා.’’ යනුවෙනි.

Visits: 157