උපයනවිට බදු අය කිරීමේ ක්‍රමවේදයට සංශෝධන

උපයනවිට බදු අය කිරීමේදී අලුතින් හඳුන්වාදී තිබූ නිවාස, වාහන ඉන්ධන දුරකතන සහ ණය සඳහා අයකරන බදු ප්‍රමාණ අඩු කරමින් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා අද දිනයේදී නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඒ අනුව රුපියල් ලක්ෂ දෙකට අඩු ආදායම් ලබා ගන්නා පුද්ගලයන්ගෙන් නිවාස සඳහා අය කළ රුපියල් 20,000ක් හෝ මුළු වැටුපෙන් සියයට 12.5 ක් ලෙස සැලකූ ප්‍රතිලාභය මූලි වැටුපෙන් සියයට 12ක් ලෙස සංශෝධනය කර ඇතැයි සඳහන් වෙයි.

එසේම රුපියල් ලක්ෂ දෙකකට වඩා ආදායම් ලබා ගන්නා පුද්ගලයන්ගෙන් නිවාස සඳහා රුපියල් 40,000 හෝ වැටුපෙන් සියයට 12.5 ලෙස සැලකූ ප්‍රතිලාභය මූලික වැටුපෙන් සියයට 12.5ක් ලෙස සංශෝධනය කර තිබේ.

ගෘහ භාණ්ඩ වෙනුවෙන් රුපියල් 5000 හෝ බැටුපෙන් සියයට 2.5ක ප්‍රතිලාභය බද්දෙන් ඉවත් කර තිබේ.

මේ අතර, ඇන්ජින් ධාරිතාවය ඝන සෙන්ටි මීටර් 1800ට අඩු සහ ඝත සෙන්ටිමීටර් 1800ට වැඩි ලෙස පිළිවෙළින් රුපියල් 50,000 සහ 75,000 ලෙස සැලකූ ප්‍රතිලාභය රුපියල් 20,000 ක් රියදුරු සඳහා රුපියල් 10,000ක සහ ඉන්ධන සඳහා රුපියල් 20,000 ක් ලෙස වෙනස්කර තිබේ.

තවද ඉන්ධන දීමනාව සියයට 100ක්ම බද්දට යටත් වූ අතර එය සියයට 25 දක්වා අඩු කර තිබේ. 

කේෂ්ත්‍ර රාජකාරි සඳහා ලබාදී ඇති වාහන පෞද්ගලික භාවිතයේ දි සීමා රහිතව කිලෝමීටරයකට රුපියල් 25ක් ලෙස සැලකූ  ප්‍රතිලාභය කිලෝ මීටරයට රුපියල් 25ක් හෝ රියදුරු සහිතව රුපියල් 20,000ක් සහ රියදුරු සහිතව රුපියල් 30,000 ක් යන දෙකෙන් අඩු ප්‍රමාණය ලෙස සංශෝධනය කර තිබේ. 

Visits: 148