Unlimited පැකේජයේ වාසි වැඩි කරමින් එයාර්ටෙල් රු. 888 Freedom Plus හඳුන්වා දෙයි

එයාර්ටෙල් ශ‍්‍රී ලංකා, ශ‍්‍රී ලාංකේය තාරුණ්‍ය අතර වඩාත් ජනප‍්‍රියතම සමාජ මාධ්‍ය ජාල 6ක් වෙත වැඩි වටිනාකමක්, නිදහසක් සහ අසීමිත ප‍්‍රවේශයක් ලබා දෙමින් සිය පෙරගෙවුම් Unlimited Freedom Packs හි නවතම පැකේජය හඳුන්වා දී ඇත.

අලූතින් හඳුන්වා දුන් මෙම freedom unlimited පැකේජය රුපියල් 888 ක් වන අතර එමගින් TikTok, Instagram, Facebook, YouTube, Messenger සහ WhatsApp යන සමාජ මාධ්‍ය යෙදවුම් (apps) සඳහා පාරිභෝගිකයන්ට අසීමිත ප‍්‍රවේශයක් ලබා දේ.

මෙම පැකේජය ද 30GB data (1GB/දිනකට), වෙනත්  ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම්, Airtel-Airtel SMSs 1,000ක් සහ දින 30ක කාලයක් සඳහා වෙනත් ජාල සඳහා SMSs 50ක් ඇතුළුව එයාර්ටෙල් හි ජනප‍්‍රිය Freedom පැකේජවල ඇති සියලූම ප‍්‍රතිලාභවලින් සමන්විතව හඳුන්වා දී තිබීම විශේෂත්වයකි.

මේ පිළිබඳව අදහස් දක්වමින් එයාර්ටෙල් ශ්‍රී ලංකා කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී අශීෂ් චන්ද්‍රා මහතා පැවසුවේ ‘‘අපගේ පරිශීලකයින්ට ගෙවන මුදලට වැඩි වටිනාකමක් ලබා දීමේ නව්‍ය ක‍්‍රම සොයා යාමට එයාර්ටෙල් කණ්ඩායම අඛණ්ඩව මහත් කැපවීමෙන් කටයුතු කරනවා. අපගේ රු. 888 Freedom Plus පැකේජය හඳුන්වා දීම සහ සමාජ මාධ්‍ය ජාල වෙත පුළුල් ප‍්‍රවේශයක් සඳහා හැකියාව ලබා දීම අපගේ වටිනාකම් මත පදනම් වූ, පාරිභෝගිකයා කේන්ද්‍ර කොටගත් ප‍්‍රවේශයේ තවත් එක් ප‍්‍රබල සාක්ෂියක් ලෙස පෙන්වා දිය හැකියි.’’ යනුවෙනි.

”එයාර්ටෙල් Freedom Plus 888 හඳුන්වා දීමත් සමඟ, ශ‍්‍රී ලාංකේය පෙරගෙවුම් වෙළෙඳපොලේ මිල ගණන් සහ වඩාත් ජනප‍්‍රියතම සමාජ ජාල මාධ්‍ය වෙත අසීමිත ප‍්‍රවේශයක් ලබා දීම යන සාධක සැලකීමේදී මේ වන විට හොඳම ප‍්‍රතිලාභ ලබා දෙන්නේ අපියි. එමෙන්ම පරිශීලකයින් විවිධ apps සඳහා සිදු කරනු ලබන වෙන වෙනම වූ මිලදී ගැනීම්වල ඇතිි ව්‍යාකූලත්වය පාලනය කරනවා වෙනුවට ඔවුන් apps පරිශීලනය කරන ආකාරය එලෙසෙම පවත්වා ගෙන යාමට ඉඩ සලසනවා. ඒවගේම පරිශීලකයාගේ මාසික ජංගම දුරකතන අවශ්‍යතා පහසුවෙන් ආවරණය කළ හැකි වඩාත්ම දැරිය හැකි තනි පැකේජයක් තුළින් මෙම සියලූ ප‍්‍රතිලාභ ලබා දීම මගින් සරල සහ විධිමත් අත්දැකීමක් ලබා දීම සඳහා වූ අපගේ පොරොන්දුව අපි අඛණ්ඩව පවත්වා ගෙන යනවා. ඒනිසයි එයාර්ටෙල් Freedom packs වල වටිනාකමට සමාන වෙනත් කිසිදු නිෂ්පාදනයක් වෙළඳපොලේ නොමැත්තේ.’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

සිය 4G ජාල අත්දැකීම තවදුරටත් පුළුල් කිරීමේ එයාර්ටෙල් හි සැලකිය යුතු ආයෝජනයේ තවත් වැදගත් පියවරක් ලෙස එයාර්ටෙල් හි වටිනාකම් කේන්ද්‍ර කරගත් නව නිෂ්පාදන හඳුන්වා දිය හැකිය. අතිනවීන යටිතල පහසුකම් ස්ථාපිත කිරීම සහ සිය mobile-broadband ජාලය ඉහළ නැංවීමේ ප‍්‍රයත්නයන් අඛණ්ඩව සිදුකරගෙන යමින් එයාර්ටෙල් මේ වන විට මෙරට පරිශීලකයන්ගෙන් 90% කට වඩා වැඩි පිරිසක් වෙත සිය ආවරණ පහසුකම් සපයනු ලබයි.

Visits: 66