බවර් CEO රොල්ෆ් බ්ලාසර් 2022 වඩාත්ම ඇගයීමට පත් ප්‍රධාන විධායක නිලධාරියා වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණයට ලක්වූ ව්‍යාපාර සමූහයක් වන A. Baur & Co. (පුද්ගලික) සමාගම හෙවත්, බවර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ රොල්ෆ් බ්ලාසර් මහතා, 2022 වසරේ වඩාත්ම ඇගයීමට පත් ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පසුගියදා සම්මානයට පාත්‍ර වූයේය.

අභියෝගවලින් පිරුණු 2022 වර්ෂය තුළ ඔහුගේ නායකත්ව දැක්ම, ශක්තිය සහ නවෝත්පාදන වර්ධනීය චින්තනය ඇගයීමට ලක්කරමින් මෙම සම්මානය හිමිවිය.

The CEOMagazine Sri Lanka සඟරාව විසින් සංවිධානය කරන ලද 2022 CEO of the Year සම්මාන උළෙල, පෙබරවාරි 1 වැනිදා කොළඹ Cinnamon Grand හෝටලයේදී පැවැත්වුණි. ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සහ ආර්ථික ක්ෂේත්‍රය තුළ සුවිසල් කාර්යභාරයක් ඉටුකරන ප්‍රකට සම්භාවනීය ආරාධිතයෝ රැසක් එම උත්සවයට එක්ව සිටියහ. 

දශක ගණනාවක් පුරා ප්‍රකට සහ කීර්තිමත් දේශීය සහ ජාත්‍යන්තර සැපයුම්කරුවන් අතර ඉහළම ඉල්ලුමක් ඇති ව්‍යාපාරික සහකරුවෙක් ලෙස අඛණ්ඩව රැඳීසිටීමේ අරමුණ ඇතිව, බ්ලාසර් මහතාගේ නායකත්වය යටතේ, සිය ක්‍රමෝපායික දිශානතියේ ශීඝ්‍ර පරිවර්තනයක් ළඟාකරගැනීමට බවර් සමාගමට හැකිවිය. ශ්‍රී ලාංකිකයින් රැසකගේ සේවා ස්ථාන තෝරාගැනීමට බවට බවර් එම කාලය තුළ පත්වීම ද කැපී පෙනෙන ජයග්‍රහණයකි.

ඊට අමතරව සෙසු සමාගම්වලට ආදර්ශයක් සපයමින් අලුත්ම සේවක ප්‍රතිලාභ වැඩසටහන් හඳුන්වා දීමට ද බවර් සමාගම කටයුතු කළේය. ඒ අනුව ශ්‍රී ලංකාවේ පළමු වරට, සියලුම සේවකයින් සඳහා සුවිශේෂී ළමා උපකාරක ප්‍රතිලාභයක් හඳුන්වා දීමට ද සමාගම පියවර ගත්තේය. වසර 125ක ප්‍රගතිශීලී නවෝත්පාදන සංස්කෘතිය මෙන්ම සිය ස්විට්සර්ලන්ත උරුමය සහ වටිනාකම් පද්ධති සමඟ, හුදෙක් ශ්‍රී ලංකාවේවිශාලතම පුද්ගලික පොහොර සමාගම පමණක් නොව විවිධ අංශවල වේගයෙන් වර්ධනයවන නාමයක් බවට බවර් සමාගම පත්ව තිබේ.

Visits: 54