RPC Plantation Management Services නමුනුකුල වැවිලි සමාගමේ කොටස්හිමිකාරීත්වය තවත් වැඩි කර ගනී

සුප්‍රසිද්ධ රිචඩ් පීරිස් සහ සමාගම් සමූහයට අයත් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත නමුනුකුල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී (NAMU.N0000) සමාගමෙහි කොටස් 2,794ක් මිලදී ගැනීමට RPC Plantation Management Services (Pvt) Ltd සමාගම කටයුතු යොදා ඇතැයි පවසයි.

පසුගිය ජනවාරි 31 වැනිදා සිදුකළ ගනුදෙනුවක් යටතේ මෙම මිලදී ගැනීම සිදු කර තිබේ. මෙහිදී නමුනුකුල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමේ එක් කොටසක් රුපියල් 355ක මුදලකට මිලදී ගැනීම සිදුව තිබේ.

ඒ අනුව මෙම මිලදී ගැනීමත් සමගින්ම RPC Plantation Management Services (Pvt) Ltd සමාගම සතුව ඇති නමුනුකුල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමේ කොටස්හිමිකාරීත්වය කොටස් 16,109,524ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය සමස්ත කොටස් අතරින් 67.83%ක ප්‍රතිශතයකි.

මෙම මිලදී ගැනීම සිදුකළ RPC Plantation Management Services (Pvt) Ltd සමාගමත් රිචඩ් පීරිස් සහ සමාගම් සමූහයට අයත් සමාගමකි. නමුකුල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමට අමතරව කෑගල්ල ප්ලාන්ටේෂන්ස් යන සමාගමත් එම සමූහයට අයත් පරිපාලිත සමාගම් වෙයි.

ඒ අනුව නමුනුකුල ප්ලාන්ටේෂන්ස් පීල්සී සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන සභාපති, ආචාර්ය සේන යද්දෙහිගේ සහ ෂමින්ද යද්දෙහිගේ යන දෙපළ RPC Plantation Management Services (Pvt) Ltd සමාගමේත් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් බව සමාගම පවසයි.

මේ අතර අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අතරතුරදී නමුනුකුල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 365.00ක් දක්වා පත්ව තිබූ තිබූ අතර, එය පෙර දිනයේදී පැවැති රුපියල් 361.00 ට සාපේක්ෂව රුපියල් 4.00ක එනම් 1.11% ක ඉහළ යාමකි.

Visits: 150