DFCC Pinnacle වෙතින් SAARC Ethnic Elegance වැඩසටහනට අනුග්‍රහය

ශ්‍රී ලාංකේය කාන්තා පරපුර සහ කාන්තා ව්‍යවසායකත්වය වෙනුවෙන් නිරතුරුවම කැපවී කටයුතු කරන බැංකුවක් වශයෙන් DFCC බැංකුව තම DFCC Pinnacle සේවා අංශය මඟින්, සාක් කාන්තා සංගමයේ ශ්‍රී ලංකා ශාඛාව විසින් සංවිධානය කරන ලද ‘SAARC Ethnic Elegance’ වැඩසටහනට පසුගියදා අනුග්‍රාහකත්වය ලබාදුන්නේ ය.

මෙම වැඩසටහන 2022 දෙසැම්බර් 22 දින කොළඹ හිල්ටන් හෝටලයේ ‘Blue Elephant Banquet Room’ හිදී පැවැත්විණි.

සාර්ක් කාන්තා සංගමය යනු දකුණු ආසියාතික කලාපීය සහයෝගීතා සංවිධානයේ (South Asian Association for Regional Cooperation – SAARC) සාමාජික රටවල් 8 අතර මිත්‍රත්වය, සමගිය, සංස්කෘතික ක්‍රියාකාරකම් සහ සාමූහිකත්වය ප්‍රවර්ධනය කරන, වසර 25 ක ඉතිහාසයක් සහිත සංගමයකි.

මෙම උත්සවයට සහභාගී වූ කාන්තාවෝ, සාක් කලාපයේ තම රටවල සංස්කෘතීන් නියෝජනය කරන ඇඳුම් පැළඳුම් වලින් සැරසී එය වර්ණවත් කළහ. මෙම උත්සවයෙන් ලැබුණු ආදායම, “SAARC Reach Out Project” නම් විශේෂ ව්‍යාපෘතිය වෙත බැර කරන ලදි. SAARC Reach Out Project යනු සාක් කලාපයේ රටවල විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින ජනතාවගේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති ප්‍රජා සත්කාරමය වැඩසටහනකි.

Visits: 33