ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් වෙතින් ශත 50ක් බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම (JKH.N0000) සිය කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඊයේ (31දා) රැස්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ තීරණය ගෙන තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 50ක් බැගින් මෙම ලාභාංශ ගෙවීම සිදු කරන බව සමාගම පවසයි.

මෙය 2022/23 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන දෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීමද වෙයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස මාර්තු 01 වැනිදා ප්‍රකාශකෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස පෙබරවාරි 09වැනිදා නම් කෙරී තිබේ.

මේ අතර මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් කොටස්හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් ජොන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසයි.

ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී ජොන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සීකොටසක වටිනාකම රුපියල් 139.50ක් ලෙස සටහන්ව තිබුණි. එය පෙර දිනයේ කොටසක වටිනාකම වූ රුපියල් 140.00 ට සාපේක්ෂව ශත 50ක එනම් 0.36%ක පහත වැටිමකි.

Visits: 68