හැරීගේ DCSL රුපියල් 1.10 බැගින් ලාභාංශ ගෙවීමක

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී සමාගම (DIST.N0000) සිය කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඊයේ දිනයේදී රැස්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳව තීරණය ගෙන තිබේ.

ඒ අනුව සමාගම මගින් මෙතෙක් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1.10ක් බැගින් ලාභාංශ ගෙවීම සිදු කරන බව සමාගම සදහන්කරයි.

මෙය 2022/23 මූල්‍යවර්ෂය සඳහා ලබා දෙන තෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීමද වෙයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස පෙබරවාරි 27 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර,ලාභාංශ රහිත දිනය (XD Date) දිනය ලෙස පෙබරවාරි 08 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් කොටස්හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී සමාගම පවසයි.

මේ අතර ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 13.50ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනයේදී පැවැති රුපියල් 13.70ක අගයට සාපේක්ෂව ශත 20කින් එනම් 1.46%කින් පහත වැටීමකි.

Visits: 73