දෙසැම්බරයේදී උද්ධමනය 59.2%ට බසියි

පසුගිය 2022 වසරේ දෙසැම්බර් මාසයේදී මෙරට ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය 59.2%ක අගයක් ගත් බව මහ බැංකුව පවසයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ දත්ත වාර්තා අනුව මහ බැංකුව මේ බව සඳහන් කරයි.

ඒ අනුව මෙම උද්ධමනය 2022 වසරේ නොවැම්බර් මාසයේදී සටහන් වූ 65%ක උද්ධමනය හා සැසඳීමේදී කැපී පෙනෙන පහළ යෑමක් ලෙසද සඳහන්ව තිබේ.

මෙහිදී ආහාර සහ ආහාර නොවන කාණ්ඩයන්හි මිල ගණන් තවදුරටත් පහළ යෑම මෙම උද්ධමනය පහළ යෑමට හේතුව වී තිබේ.

ඒ අනුව 2022 නොවැම්බර් මාසයේදී 69.8%ක්ව පැවැති ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 59.3ක් දක්වාත්, ආහාර නොවන කාණ්ඩයහි උද්ධමනය 60.4%සිට 59.0%ක් දක්වාත් පහළ යෑම සිදුව ඇත.

ඒ අතරින් ආහාර කාණ්ඩය තුල ලොකු ලූණු, කරවල, සීනි, එළවලු සහ සහල් මිල ගනන් පළහ යෑමක් සිදුව තිබේ.  එහෙත් පොල්, කිරිපිටි සහ පළතුරු මිල ගණන් දෙසැම්බර් මාසයේදී ඉහළ ගොස් ඇත. මේ අතර ආහාර නොවන කාණ්ඩයෙහි රෙදිපිළි හා පාවහන්, විවිද භාණ්ඩ හා සේවා උප කාණ්ඩයන්හි මිල ගණන් ඉහළ යාම සිදුව තිබේ.

මේ අතර වාර්ෂික සාමාන්‍ය උද්ධමනය 2022 නොවැම්බර් මාසයේදී පැවැති 46.7% සිට දෙසැම්බර් මාසයේදී 50.4%ක් දක්වා ඉහළ යාමක් සිදුව තිබේ.

Visits: 60