ප්‍රංශයේ Michelin ටයර් සමාගම මෙරට තුළ තවත් ඩො.මි. 20.94ක ආයෝජනයක් සිදු කරයි

ලොව දෙවැනි විශාලතම ටයර් නිෂ්පාදකයා ලෙස සැලකෙන ප්‍රංශයේ  Michelin ටයර් සමාගම ශ්‍රී ලංකාව තුළ සිදු කරණ සිය මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීම සඳහා අමතර ඩොලර් මිලියන 20.94ක ආයෝජනයක් සිදු කිරීමට කැමැත්ත පළ කර ඇතැයි වාර්තාවෙයි.

ඊයේ දිනයේදී ඊට අදාළ නව ආයෝජන එකඟතාවට අත්සන් තැබීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේදී සිදුවී තිබේ.

ඒ අනුව මෙය Michelin ටයර් සමාගම ශ්‍රී ලංකාව තුළ සිය ව්‍යාපාරික කටයුතු කිරීම සම්බන්ධයෙන් වන විශ්වාසනීයත්ව පෙන්නුම් කිරීමක් බවද එම මණ්ඩලය සඳහන් කරයි.

මෙම අවස්ථාවේදී අදාළ එකඟතාවට අත්සන් තැබීම සඳහා Michelin ටයර් සමාගමේ දේශීය හා විදේශීය නියෝජිතයන් සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා සහ එහි අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන් මහත්මියද එක්ව සිට ඇත.

Visits: 836