මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සහ ගෞතම් අදානි අතර හමුවක්

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඊයේ දිනයේදී අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි මහතා හමු වූ බව පවසයි.

මහ කොමසාරිස්වරයා මේ දිනවල ගුජරාට් ප්‍රාන්තයේ සිදුකරන සිය නිල සංචාරයක් අතරවාරයේදී මෙලෙස ගෞතම් අදානි මහතා හමුවී තිබේ.

මෙම හමුවේදී සිදුකළ සාකච්ඡාවේදී අදානි සමූහය ශ්‍රී ලංකාවේ සිදු කර ඇති ආයෝජනවල තත්ත්වය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත් බව මහකොමසාරිස් වරයා පවසයි.

එසේම අදානි සමූහය විසින් මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය වෙත සිදු කිරිමට බලාපොරොත්තු වන ආයෝජන සැලසුම් සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරී තිබේ.

ශ්‍රී ලංකාවේ මන්නාරම ආශ්‍රිතව සිදුකරන සුළං විදුලිබලාගාර ව්‍යාපෘතියක් වෙනුවෙන් අදානි සමූහය මේ වනවිට සිය මුදල් ආයෝජනය කර තිබේ.

එසේම කොළඹ වරායේ අලුතින් ඉදි කරන බටහිර බහාලුම් පර්යන්තයේ ප්‍රධානතම ආයෝජකයා වන්නේද අදානි සමූහයයි.

Visits: 125