MAS Eco Go Beyond තිරසර සංවර්ධන පාසල් වැඩසටහන ඉන්දියාව දක්වා ව්‍යාප්ත වෙයි

MAS Holdings මීට වසර 15 කට පෙර දියත් කරන ලද Eco Go Beyond වැඩසටහන පළමු වරට ශ‍්‍රී ලංකාවෙන් ඔබ්බට ගමන් කරමින් ඉන්දියාව දක්වා ව්‍යාප්ත කරන ලද බව පවසයි.

Eco Go Beyond වැඩසටහන කායරඹේඩු රජයේ උසස් පාසලේ සහ නන්දිවරම් රජයේ පිරිමි පාසලේදී දියත් කරන ලද අතර MAS හි ව්‍යාපාරික අංශය වන Bodyline ආයතනයේ නිෂ්පාදන අංශයක් වන Intimate Fashions India (Pvt) Ltd, සමඟ එක්ව මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කරන ලදී. එහිදී සම්මානලාභී චිත‍්‍රපට නිෂ්පාදක සහ අධ්‍යාපනඥ රාම්නාත් චන්ද්‍රශේකාර් සමඟ එක්ව දැනුම හුවමාරු කර ගැනීමට සිසුන්ට අවස්ථාව ලැබුණ අතර තිරසාරත්වය පිළිබඳ ප‍්‍රායෝගික අත්දැකීම් තුළින් දැනුම ලබා ගැනීමට හැකි විය.

”MAS හි අපගේ වැඩපොළවල් වටා සිටින ප‍්‍රජාවන් අපගේ ව්‍යාපාරයේ ශක්තිය බව අපි විශ්වාස කරන හෙයින් ඔවුන් අපට ලබාදෙන ශක්තියට සමගාමීවම අපි ඔවුන්ගේ යහපැවැත්ම වෙනුවෙන් ද කටයුතු කරනවා. මීට වසර 15 කට පෙර තිරසර සංවර්ධන අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය හඳුනා ගත් අපි සමාජය තුළ ඵලදායී වෙනසක් ඇති කිරීමේ අරමුණ සහිතව Eco Go Beyond වැඩසටහන දියත් කළා. මෙම වැඩසටහන ඉන්දියාව දක්වා ව්‍යාප්ත කිරීමට හැකිවීම ගැන අපි සතුටට පත්වන අතර අප කෙරෙහි විශ්වාසය තබමින් අප සමඟ අත්වැල් බැඳගත් ගුරුභවතුන් හට අපි කෘතඥ වෙනවා.” යනුවෙන් MAS Holdings හි සමාජ තිරසාරත්වයේ ප‍්‍රධානී අමන්ති පෙරේරා මහත්මිය පැවසුවාය.

අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව වසර 15ක් ශ‍්‍රී ලංකාවේ පුරා ක‍්‍රියාත්මක වන පරිදි Eco Go Beyond වැඩසටහන පාසල් 120කට අධික සංඛ්‍යාවක සක‍්‍රීය කර ඇත. වැඩසටහන සංවේදීකරණය, සක‍්‍රීය කිරීම සහ ප‍්‍රතිලාභ ලැබීම යන අදියර තුනක් හරහා තිරසර සංකල්ප ඉස්මතු කරයි. පවතින ක‍්‍රමවේද වෙනස් කිරීමේදී අධ්‍යාපන ක‍්‍රමය තුළින් සිදුකළ හැකි බලපෑම ඉමහත්ය. අධ්‍යයනය සඳහාම වෙන් කරන ලද කාලයකදී සම්පත් සහ ගුරුවරුන් සමඟ වඩාත් ඵලදායී බලපෑමක් සිදුකල හැකි ස්ථාන වශයෙන් පාසල් හඳුනාගත හැකිය.

කායරම්බේඩු රජයේ උසස් පාසලේ සහ නන්දිවරම් රජයේ පිරිමි පාසලේ දී මෙම වැඩසටහන දියත් කිරීම සඳහා සිසුන්, අධ්‍යාපනඥයින්, ආරාධිත කථිකයන්, ප‍්‍රජා නායකයින් මෙන්ම MAS, Bodyline, සහ Intimate Fashions India හි නියෝජිතයින් ද සහභාගී විය.

MAS විසින් දිරිමත් ප‍්‍රජාවන් නිර්මාණය කිරීම සඳහා වන MAS “Plan for change” තිරසර සැලසුමේ කොටසක් ලෙස, MAS සමාගම ක‍්‍රියාත්මක වන අනෙකුත් ප‍්‍රජාවන් වෙතට පිවිසෙමින් ඉදිරි වසර කිහිපය තුළ Eco Go Beyond වැඩසටහනේ ව්‍යාප්තිය අඛණ්ඩව කරගෙන යාමට බලාපොරොත්තු වේ.

දකුණු ආසියාවේ විශාලතම ඇඟලූම් තාක්ෂණ සමාගම වන MAS සමූහය ඇඟලූම් සහ රෙදිපිළි නිෂ්පාදනයේ වඩාත්ම පිළිගත් නිර්මාණ-බෙදාහරින්නා වේ. මෙහි 118,000 කට අධික පිරිසක් සේවය කරයි. අද වන විට MAS රටවල් 16 ක් පුරා විලාසිතා සඳහා ප‍්‍රමුඛත්වයක් ගන්නා ස්ථානවල පිහිටුවා ඇති නිෂ්පාදන කර්මාන්තශාලා හරහා තම නිෂ්පාදන සිදු කරනු ලබයි. නිරන්තරයෙන් වෙනස් වන ඉල්ලීම් සපුරාලමින් MAS හි සන්නාම, තාක්ෂණය, FemTech, start-ups සහ ලොව පුරා ඇඟලූම් උද්‍යාන ආදිය වේගවත්ව පුළුල් වී ඇත.

Visits: 123