මිරිස් රසැති බටර් ඇතුළුව පැල්වත්ත සමාගම නව නිෂ්පාදන පෙළක් හඳුන්වා දෙයි

පැල්වත්ත සමාගම විසින් සිය පාරිභෝගිකයින් වෙනුවෙන් පැල්වත්ත මිරිස් රසැති බටර් , පැල්වත්ත සිලෝන් බටර් සහා පැල්වත්ත එළඟිතෙල් නමින් නවතම නිෂ්පාදන පෙළෙක් වෙළෙඳපලට හඳුන්වාදිමේ වැඩසටහනක් පසුගියදා බණ්ඩාරනායක සමිමන්ත්‍රණ ශාලාවේදි (BMICH) පවත්වන ලදී.

මෙම වැඩසටහන සඳහා පැල්වත්ත සමාගමේ සභාපති ආරියශිල වික්‍රමනායක මහතා, පැල්වත්ත සමාගමේ නිලධාරින්, සුපිරි වෙළෙදසැල් නිලධාරින්, සුපවේදින් මෙන්ම පැල්වත්ත නිෂ්පාදන බෙදාහරින්නන් හා නියෝජිතයන් රැසක් සහාභාගි වී තිබේ. 

පැල්වත්ත සමාගමෙහි සභාපති ආරියශිල වික්‍රමනායක මහතා අදහස් දක්වමින්. ” අපගේ පාරිභෝගිකයින් වෙනුවෙන් ඉහළ පෝෂණ ගුණයෙන් යුක්ත නව නිෂ්පාදන පෙළක් හඳුන්වාදිමට හැකිවිම ගැන අප බෙහෙවින් සතුටු වෙනවා. වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වයත් සමඟ පාරිභෝගිකයින් වෙනුවෙන් සාධාරණ මිල ගණන් යටතේ මෙම නිෂ්පාදනයන් මේ වසරේ සිට වෙළෙදපලට නිකුත්කිරිමට අපි බලාපොරොත්තු වෙනවා. මෙම සෑම නිෂ්පාදනයක්ම ඉහළ දේශිය කිරි යොදාගනිමින් ඉහළ පෝෂණ ගුණයෙන් යුක්තව පාරිභෝගිකයින් වෙත ලබාදිම සිදුකරනවා.” 

අද වනවිට බොහෝදෙනා කෙටි ආහාර සහා පෙර සුදානමි කරන ලද ආහාර භාවිතයට පෙළෙඹි ඇත. මෙම නිසාම පැල්වත්ත පාරිභෝගිකයන් වෙනුවෙන් නිෂ්පාදන රැසක් හදුන්වාදිමට කටයුතු කර තිබෙි.

එසේම මෙදින ලුණු , බැඳපු ස්වභාවික මිරිස් කුඩු සහ මිරිස් කැබැලි යොදාගෙන ග්‍රෑමි 200 ක ඇසුරුමක් ලෙස නිෂ්පාදිත පැල්වත්ත මිරිස් රසැති බටර් වෙළෙදපලට හදුන්වාදිම සිදුවිය. මෙමඟින් සැර හා ලුණු රසට කැමැති පාරිභෝගිකයන්ගේ ආහාර වේලෙහි නව පෙරළියක් ඇති කරනු ඇතැයි පැල්වත්ත සහතික වෙයි. 

එසේම මෙම වැඩසටහනේදි පැල්වත්ත සිලෝන් බටර් ග්‍රෑමි 10 ක නව ඇසුරුම ද වෙළෙදපලට හදුන්වාදිම සිදු වු අතර එය 82% පිරිසිදු ශ්‍රි ලාංකිය කිරි මේදය ප්‍රමාණයක්, 16% ට අඩු ඝන කිරි මේද ප්‍රමාණයක් සහ 1.35% ට වඩා අඩු ලුණු ප්‍රමාණයක් යොදාගනිමින් 16% වඩා අඩු තෙතමනයක් යටතේ නිෂ්පාදනය කෙරේ.

එමෙන්ම පැල්වත්ත එළඟිතෙල්  ග්‍රෑමි 500 නව ඇසුරුමක් එළි දැක්විමද මෙහිදි සිදු වු අතර, එය 99%ක පිරිසිදු දේශිය කිරි මේදය සමඟින්  0.5 අඩු තෙතමනයක් යටතේ උසස් තත්ත්වයේ නිෂ්පාදනයක් ලෙස පාරිභෝගිකයින් වෙත නිකුත් කරනු ලබයි. 

සියල්ලන්ටම අවැසි පරිදි විවිධ රසයන්ගෙන් යුත්,  පැල්වත්ත නිෂ්පාදන වලට ප්‍රිය කරන පිරිස ඉතා බහුලය. සන්නාමයක් ලෙස පැල්වත්තෙහි දිගුකාලීන ගමන්මගට ඔවුන්ගේ දායකත්වය අපමණය. පැල්වත්ත හුදෙක් කිරි නිෂ්පාදනයන් සැපයීමම පමණක් නොව, සෑම කෙනෙකුගේම විවිධ රසයන්ගේ, රුචි අරුචිකම් සහ අවශ්‍යතාවයන්ට සරිලන ලෙස සිය නිෂ්පාදනයන් කරන නිසාවෙන්,  වෙළඳපල තුල නායකත්වයක් හොබවන සන්නාමයක් බවට පත්වී තිබේ.

Visits: 97