එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවේදී කොමර්ෂල් බැංකුව ජාත්‍යන්තර කීර්තියක් අත් කරගනී

පරිසරය රැකගැනීම සඳහා තම පාරිභෝගිකයින් දැනුවත් කරන ලෝකයේ බැංකු 25 ක් අතර ප‍්‍රමුඛස්ථානයක් ගනිමින් ජාත්‍යන්තර වශයෙන් ගෞරවාදරයට පත්වීමට කොමර්ෂල් බැංකුව සමත්වී ඇත.

එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස (COP 27) සමුළුවේදී බැංකුව මෙම ඇගයීමට ලක්වූ අතර කොමර්ෂල් බැංකුවේ ‘ෆ්ලෑෂ්’ ඩිජිටල් ඇප් පහසුකම භාවිතා කරන ගනුදෙනුකරුවන් පරිසරයට කාබන් මුදා හරින ආකාරය ස්වීඩනය පදනම් කරගත් තාක්ෂණික විසඳුම් සමාගමක් වන Doconomy AB සමග ඒකාබද්ධ වෙමින් බැංකුව විසින් ගණනය කරනු ලබයි. මෙහිදී, කොමර්ෂල් බැංකුව මෙන්ම ලොව පුරා ප‍්‍රමුඛතම බැංකු 25 ක් Doconomy සමාගමේ පාරිසරික බලපෑම් දර්ශකය භාවිතා කරමින් තමන්ගේ ඇප් පහසුකම් මගින් පරිසරයට මුදා හරින කාබන් ප‍්‍රමාණය මේ ආකාරයෙන් ගණනය කිරීමට කටයුතු කරයි.

මේ අනුව, Doconomy Åland දර්ශකය සමග ඒකාබද්ධ වෙමින් ‘ෆ්ලෑෂ්’ ඩිජිටල් ඇප් පහසුකම තුළින් පරිසරයට මුදා හරින කාබන් ප‍්‍රමාණය ගණන කිරීමට කටයුතු කරන ලෝකයේ පළමු බැංකු 05 අතරට කොමර්ෂල් බැංකුව පත්වී තිබේ.

ඊජිප්තුවේ පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස (COP 27) සමුළුවේදී Doconomy සමාගමේ ප‍්‍රධාන විධායක නිළධාරී, මාතියාස් වික්ස්ට්‍රෝම් මහතා පැවසුවේ තම ගනුදෙනු වලදී පරිසරයට මුදා හරින කාබන් ප‍්‍රමාණය මැණීම සඳහා ඔවුන් සමග එක්වී සිටින මෙම ගෝලීය බැංකු 25 කටයුතු කරන බවත් ඒ පිළිබඳව එම බැංකු විසින් සිය ගනුදෙනුකරුවන් දැනුවත් කරන බවයි. මේ සඳහා ශ‍්‍රී ලංකාවේ දායකත්වය ලෝකය තුළ ප‍්‍රචලිත කිරීමට කොමර්ෂල් බැංකුව මෙම වැඩසටහන සමග ඒකාබද්ධවීම හේතුවී තිබේ.  

කොමර්ෂල් බැංකුව පවසන්නේ සිය ‘ෆ්ලෑෂ්’ ඩිජිටල් ඇප් පහසුකමේ ‘Save the Environment’ අංගය Doconomy සමාගම සමග එක්ව තවදුරටත් ඉදිරියේදී දියුණු කිරීමට කටයුතු කරන බවයි. කොමර්ෂල් බැංකුව සහ Doconomy යන දෙපාර්ශවයම තිරසාර මූල්‍යනය, තිරසාර ව්‍යාපාරික කටයුතු සහ පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳව පාරිභෝගිකයින් දැනුවත් කිරීම සිදුකරයි. 

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100‍% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 269 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 943 ක් ක‍්‍රියාත්මක කරයි.

ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

Visits: 48