2022 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී Dettol ඇගයීමට ලක්වෙයි

ලොව ප‍්‍රමුඛතම සෞඛ්‍ය සහ සනීපාරක්ෂක සන්නාමයේ නිෂ්පාදන විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කරමින් Dettol හට ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය ^SLIM&විසින් 2022SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී (SLIM Brand Excellence Awards)ගෞරවනීය සම්මාන දෙකක් දිනාගන්නා ලදී.

2022 දෙසැම්බර් 8 වන දින පැවති මෙම සම්මාන ප‍්‍රදානෝත්සවයේදී වසරේ නිෂ්පාදන සන්නාමය සඳහා රන් සම්මානය සහ වසරේ ගෝලීය සන්නාමය සඳහා ලෝකඩ සම්මානය සමඟින් Dettol සිය නිෂ්පාදන පිරිනැමීම සහ පාරිභෝගික සම්බන්ධතා පවත්වාගෙන යාම සහ වැඩිදියුණු කිරීම සඳහා දරණ උත්සාහය ඇගයීමට ලක්විය.

ජයග‍්‍රහණය පිළිබඳව අදහස් දක්වමින්Dettolක සන්නාම කළමනාකාරිණී ලිලානි රාජපක්ෂ මෙනවිය මෙසේ පැවසුවාය: ”පසුගිය වසර කිහිපය අප සැමට අභියෝගාත්මක වසරක්. කෙසේ වෙතත් Dettol ඉතා ප‍්‍රශංසනීය ජයග‍්‍රහණ දෙකක් සමඟින් පිළිගැනීමට ලක්වීම අපගේ දැක්ම වන ගනුදෙනුකරුවන්ට මුල් තැන දීමේ උත්සාහයට සැබෑ සාක්ෂියක් වන අතර අපගේ සාමූහික දැක්මට අනුව සැබෑ පාරිභෝගික අවශ්‍යතා සහ අපේක්ෂාවන් හදුනා ගනිමින් Dettol නිෂ්පාදන පිරිනැමීම් අඛණ්ඩව පෝෂණය කිරීම අපගේ අරමුණයි.”

වෘත්තීය අලෙවිකරණ විශිෂ්ටතය ඇගයීම වෙනුවෙන් වාර්ෂිකව පවත්වන SLIM සන්නාම විශිෂ්ඨතා සම්මාන උළෙල සෑම වසරකම ප‍්‍රධාන සම්මාන පහක් සහ විශේෂ සම්මාන 10ක් සමඟින් මෙරට විශිෂ්ටත සන්නාමයන් ඇගයීමට ලක් කරනු ලබයි.

මෙම සම්මාන ප‍්‍රදානෝත්සවයේදී අරමුණ, සන්නාම අන්තර්ගතය, සන්නාම ක‍්‍රියාවලිය සහ සන්නාම ක‍්‍රියාකාරිත්වය යටතේ සන්නාම ගොඩනැගීමේ බහුවිධ අංශ ඇගයීමට ලක් කරනු ලබන අතර සන්නාමවල වාණිජමය සාර්ථකත්වය පමණක් නොව පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සහතික කිරීම තක්සේරු කරයි. අලෙවිකරුවන් විසින් පෙන්නුම් කර ඇති ධෛර්යය, කැපවීම සහ නොපසුබට උත්සාහයේ ඉහළම පිළිගැනීම ලෙස SLIM සන්නාම විශිෂ්ඨතා සම්මාන සලකනු ලබයි.

විෂබීජ සහ බැක්ටීරියා සමඟ සටන් කිරීමට හොදම නිෂ්පාදන පෙළක් ලෙස ෘැඑඑදක ලොව පුරා ප‍්‍රසිද්ධියක් උසුලයි. Dettol සන්නාමය ගෝලීය මට්ටමේ නිෂ්පාදනයක් සැපයීමෙන් එහා ගොස් විෂබීජ නාශක පිළිබඳව විශේෂඥ දැනුම ලබාදෙමින් සනීපාරක්ෂක පිළිවෙත් සහ ප‍්‍රථමාධාර ලබාදීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට උත්සාහයක් දරයි.

වසර 60 කට වැඩි කාලයක් Reckitt සෞඛ්‍ය සේවා අංශයේ පුලූල් පරාසයක නිෂ්පාදන පෙළක් වෙළඳපොළට ඉදිරිපත් කරමින් රට පුරා සිටින ජනතාවගේ සනීපාරක්ෂාව, සෞඛ්‍ය සහ පෝෂණය ඉහළ නංවමින් සියලූම ශ‍්‍රී ලාංකිකයන්ගේ ජීවිත සවිබලගන්වයි.

Reckitt හි Dettol සහ Strepsils යන සන්නාමයන් 2021SLIM Effie සම්මාන උළෙල සහ SLIM Digis2.1 හිදී ඇගයීමට ලක් විය. Reckitt විසින් පසුගිය වසර දෙක තුළ සිය පාරිභෝගිකයන් සමඟ ඵලදායී ලෙස සන්නිවේදනය කිරීමට සහ ඔවුන්ගේ ජීවිතවල වෙනසක් ඇති කිරීමට සිදු කිරීමට දරණ උත්සහය මෙහිදී ප‍්‍රශංසාවට ලක් විය.LMD සඟරාව විසින් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ආදරය කරන සන්නාමය ලෙස Dettol ශ්‍රේණිගත කර තිබීම විශේෂත්වයකි.

Visits: 30