DSL Energy, OKAYA Power සමඟ එක්ව ඉලෙක්ට්‍රික් ස්කූටර් පෙළක් හඳුන්වාදෙයි

Douglas & Sons (පුද්) සමාගමේ සාමාජික ආයතනයක් වන DSL Energy, ඉන්දියාවේ OKAYA POWER සමූහය සමඟ එක්ව පසුගියදා නවතම ඉලෙක්ට්‍රික් ස්කූටර් පෙළක් මෙරට වෙළෙඳපොලට හඳුන්වා දෙනු ලැබීය.

කොළඹ හිල්ටන් හෝටලයේදී පැවති මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේස්කර මහතා විශේෂ ආරාධිත අමුත්තන් ලෙස එක් විය.

අද වන විට ශ්‍රී ලංකාව පමණක් නොව සමස්ත ලෝකයම මුහුණ දෙමින් සිටින බලශක්ති අර්බුධයට මෙන්ම පරිසර දූෂණය, ගෝලීය උණුසුම ඉහළ යාම ඇතුළු දේශගුණික විපර්යාසයන්ට පිළිතුරක් ලෙස මෙම නවතම ඉලෙක්ටි්‍රක් ස්කූටර් මෙරට වෙළෙඳපොලට හඳුන්වා දීමට DSL Energy කටයුතු කර ඇත.

විශේෂයෙන් ඉන්ධන දහනයෙන් තොර පරිසර හිතකාමී නිෂ්පාදනයක් ලෙස විදුලි බලයෙන් ක්‍රියා කරන රථ වාහන මේ වන විට ලොව පුරා ජනප්‍රිය වෙමින් පවතින අතර 2030 පමණ වන විට සමස්ත වාහන භාවිතයෙන් 10%ක් පමණ ඉලෙක්ටි්‍රක් වාහන බවට පරිවර්තනය වනු ඇති බවට ගණන් බලා ඇත.

ශ්‍රී ලංකාව තුළද මෙම තත්වය ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින්නේ ඉන්ධන සඳහා වන වියදම් ඉහළ යාම හා පරිසර දූෂණය වැනි සාධකයන් හේතුවෙනි.

දේශගුණික විපර්යාසයන් එරෙහිව සටන් කිරීම උදෙසා ජාත්‍යන්තරය හමුවේ නිරන්තරයෙන් කතා බහට ලක්වන රටක් ලෙස ශ්‍රී ලංකාව විදුලි බලයෙන් ක්‍රියා කරන රථ වාහන භාවිතයට යොමු වීම කෙරෙහිද වැඩි අවදානයක් යොමු කර ඇති පසුබිමක් තුළ මෙම නවතම ඉලෙක්ටි්‍රක් ස්කූටර් වෙළෙඳපොලට හඳුන්වා දීම විශේෂත්වයකි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ DSL Energy හි ප්‍රධානී නෙරන්ජන් ජයසිංහ මහතා සඳහන් කර සිටියේ “ අද වන විට ශ්‍රී ලාකේය රථවාහන පාරිභෝගිකයින් මුහුණ දෙමින් සිටින ප්‍රධානතම ගැටළුවක් ලෙස හඳුනාගත හැකි ඉන්ධන මිල ඉහළ යාම නිසා රථ වාහන භාවිතය ද පෙර කාලයට සාපේක්ෂව අඩු වී තිබෙනවා. ඉන්ධන දහනය නිසා ඇති වන පරිසර දූෂණය හා වායු ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම වැනි කරුණු හේතුවෙන් ඉදිරියේදී පාරිසරික වශයෙන් ගැටළුකාරී තත්වයන්ට මුහුණ දීමට අපට සිදු වනවා. ඒ සඳහා විසඳුමක් ලෙස ඉන්දියාවේ OKAYA POWER හි නිෂ්පාදිත ඉන්දියාවේ සීඝ්‍රයෙන් අලෙවි වෙමින් පවතින ඉලෙක්ටි්‍රක් ස්කූටර් පෙළක් මෙරට පාරිභෝගිකයින් වෙත හඳුන්වා දීමට අපි කටයුතු කළා. නවතම තාක්ෂණය, අවම වියදම, උපරිම කාර්යක්ෂමතාව පමණක් නොව පරිසර හිතකාමී බව අරමුණු කරගත් මෙම නවතම ස්කූටර් පහසු මිලකට මිලදී ගැනීමේ හැකියාව මේ සමඟ පාරිභෝගිකයාට හිමි වන බව සතුටින් මතක් කළ යුතුයි. ඉන්දියාවේ ඉතා ජනප්‍රිය ඉලෙක්ටි්‍රක් ස්කූටර් නිෂ්පාදන පෙළක් මේ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයා වෙත හඳුන්වා දීමට ලැබීම පිළිබඳ මා ඉතා සතුටට පත් වන අතර ඒ වෙනුවෙන් අප ආයතනය සමඟ අත්වැල් බැඳගත් OKAYA POWER ආයතනයට මාගේ ස්තුතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා” යනුවෙනි.

දශක 4 කට වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව තුළ රථ වාහන අමතර කොටස් හා නිෂ්පාදන වෙළෙඳපොලෙහි ප්‍රමුඛයකු ලෙස කටයුතු කරන Douglas & Sons (පුද්) සමාගම පසුගියදා ඉන්දියාවේ OKAYA POWER සමඟ එක්ව ශ්‍රී ලංකාව තුළ Solar Tubular batteries, Solar Inverters සහ Solar panels දියත් කිරීමට කටයුතු කරනු ලැබුවේ මෙරට ස්වභාවික බලශක්ති උත්පාදනය ඉහළ නැංවීම අරමුණු කර ගනිමිනි.

දකුණු ආසියානු කලාපය තුළ ඉතා ශක්තිමත් විකුණුම් හා අලෙවියෙන් පසු සේවා ජාලයකට උරුමකම් කියන OKAYA POWER හි ඉලෙක්ටි්‍රක් ස්කූටර් මේ වන විට ඉන්දියාව තුළ ඉතා ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ එහිතාක්ෂණය, නිමාව හා අලෙවියෙන් පසු සේවාවෙහි විශිෂ්ටත්වය හේතුවෙනි. ඉන්දියාවේ FAM 11 තත්වයන්ට අනුකූලව නිෂ්පාදනය කර ඇති මෙම ස්කූටර් ICTA හි අනුමැතිය ලැබූ නිෂ්පාදනයක් ලෙස මෙරටට හඳුන්වා දීමට කටයුතු කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් OKAYA POWER සමූහයේ ජාත්‍යන්තර උප සභාපති අනිල් ගුප්තා මහතා “ අද වන විට ඉන්දියාවේ හා දකුණු ආසියාවේ බොහෝ රටවල ජනප්‍රිය ඉලෙක්ටි්‍රක් ස්කූටර් නිෂ්පාදන පෙළක් ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට ලැබීම පිළිබඳ ඉතාමත් සතුටුයි. එහි ශ්‍රී ලාංකේය නියෝජිතයා ලෙස Douglas & Sons (පුද්) සමාගමේ සාමාජික ආයතනයක් වන DSL Energy ආයතනය සමඟ කටයුතු කිරීමට ලැබීම පිළිබඳ ඉතාම සතුටුයි. මෙම නිෂ්පාදන පෙළ ශ්‍රී ලංකාවට හඳුන්වාදීම හරහා කලාපය තුළ පරිසර දූෂණය අවම කිරීම හා දේශගුණික විපර්යාසයන් අවම කිරිම සඳහා මෙන්ම අද වන විට ශ්‍රී ලාංකිකයන් මුහුණ දී සිටින ඉන්ධන අර්බුදය සඳහා කාලෝචිත විසඳුමක් ලබා දීමට අපට හැකි වී තිබෙනවා. මෙම නිෂ්පාදන සඳහා වන සියලු අමතර කොටස් සහ අලෙවියෙන් පසු සේවාවන් DSL Energy ආයතනය මඟින් නොපිරිහෙලා ලබා දීමට අපි කටයුතු කරනවා.” යනුවෙන් පැවසීය.

Visits: 176