TVS සමාගම ශ්‍රී ලංකාව තුළ KAIJIE බැටරි අලෙවිය සහ බෙදා හැරීම අරඹයි

යතුරුපැදි බැටරි නිෂ්පාදනයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන KAIJIE, සිය බෙදාහැරීමේ ජාලය පුළුල් කිරීම සහ ශ්‍රී ලංකාවේ බැටරි වෙළෙඳපොළ තුළ පුළුල් පරාසයක පැතිරීමක් අරමුණු කරමින් යතුරුපැදි ක්ෂේත්‍රයේ ගෝලීය දැවැන්තයා වන TVS සමග හවුල්කාරීත්වයකට එළැඹ තිබේ.

මෙම සබඳතාව පිළිබඳ අදහස් දක්වමින් ලීඩර් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ශ්‍රියන්ත කුරේ මහතා පවසා සිටියේ, ”ජාත්‍යන්තර සන්නාමයක් වන TVS, දේශීයව නිෂ්පාදනය කෙරෙන බැටරියක් කෙරෙහි විශ්වාසය තබමින් සිදුවූ මෙම මුලපිරීම, ලීඩර් සමූහයට සහ ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදකයන්ට සුවිශේෂී සන්ධිස්ථානයක් වෙනවා. මේ උපායමාර්ගික හවුල්කාරීත්වයෙහි අපගේ පරමාර්ථය වන්නේ, ශ්‍රී ලාංකේය වෙළෙඳපොළ තුළ තවදුරටත් විනිවිද යාම සහ අපගේ වටිනා පාරිභෝගිකයන් වෙත අසමසම පාරිභෝගික අත්දැකීමක් ලබාදීම වෙනුවෙන් TVS Lanka හි අලෙවියෙන් පසු සේවාවන්හි විශේෂඥතාව සහාය කර ගැනීමයි.” යනුවෙනි.

KAIJIE බැටරි නිෂ්පාදනය කරනු ලබන්නේ ගෝලීය වශයෙන් කීර්තිමත් KAIJIE සමූහය සමග හවුල්කාරිත්වයෙනි. හොරණ ප්‍රදේශයේ පිහිටි මෙම කර්මාන්ත ශාලාව 2015 වසරේ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලද අතර, මේ සමග යුරෝපය, ජපානය සහ එක්සත් ජනපදය වැනි සංවර්ධිත වෙළෙඳපාළවල් වෙත පමණක් සීමා වූ මෝටර් රථ බැටරි සම්බන්ධ අති නවීන තාක්ෂණය ශ්‍රී ලංකාවට සහ කලාපයට හඳුන්වා දෙනු ලැබීය.

මෙහිදී අදහස් දක්වමින්, TVS Lanka හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ගීතාල් ඇන්තනී මහතා මෙසේ පැවසීය. ”නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව වෙනුවෙන් දේශීය හා ජාත්‍යන්තර සම්මාන රැසක් දිනා ඇති KAIJIE සන්නාමය සමග හවුල්කාරිත්වයකට එළැඹීමට ලැබීම ගැන අප සතුටට පත්වෙනවා. දශක දෙකකට වැඩි කාලයක් පුරා දේශීය වෙළෙඳපොළ තුළ කටයුතු කරන ඔඪී ඛ්බන් හි අප, අසමසම පාරිභෝගික සේවාවක් සහ අලෙවියෙන් පසු අත්දැකීමක් ලබා දීමෙන් පාරිභෝගිකයන්ගේ හදවත් දිනාගෙන තිබෙනවා. ඒ වගේම, TVS Lanka හි ශක්තිය වන්නේ අපගේ විශ්වාසවන්ත අලෙවි නියෝජිත ජාලය බව සඳහන් කළ යුතුමයි. 2,000කට අධික වූ මේ අලෙවි නියෝජිත ජාලය සමග සමග සියලුම පාරිභෝගික අවශ්‍යතා කඩිනමින් සහ කාර්යක්ෂමව සපුරාලීමට අප කටයුතු කරමින් සිටිනවා.”

TVS විසින් TVS සන්නාමය සහිත යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ TVS නියම අමතර කොටස් මෙන්ම, Sonalika ට්‍රැක්ටර් සහ නියම අමතර කොටස් ඒ ඔරිජිනල් සන්නාමයන්ගෙන්ම යුතු (OE) පුළුල් නිෂ්පාදන පෙළක් පාරිභෝගිකයන් වෙත ගෙනඑයි. එසේම, TVS Lanka අලෙවියෙන් පසු සේවාවන් හිදී TVS ටයර්, ටියුබ්, UCAP විවිධ අමතර කොටස්, UCAP බැටරි, UCAP ෆිල්ටර් ආදී නිෂ්පාදන පෙළක්ද නියෝජනය කරයි.

Visits: 56