දිනපතා රීචාජ් කරන පාරිභෝගිකයින්ට එයාර්ටෙල් ලංකා වෙතින් වටිනා ස්මාර්ට් ජංගම දුරකතන

ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ශ‍්‍රී ලංකා සමාගම 2022 දෙසැම්බර් 31 දක්වා පාරිභෝගිකයින්ට සෑම දිනකම රුපියල් 50,000ක් වටිනා ස්මාර්ට් ජංගම දුරකතනයක් දිනා ගැනීමට අවස්ථාව සලසා දෙන ‘Airtel Smartphone Bonanza’ ප‍්‍රවර්ධන වැඩසටහන පසුගියදා දියත් කළේය.

ස්මාර්ට්ෆෝන් උපාංග ආනයනය කිරීම සම්පූර්ණයෙන් නවතා ඇති මොහොතක පාරිභෝගිකයින්ට සහාය දැක්වීමේ අරමුණින් මෙම ප‍්‍රවර්ධනය ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම විශේෂත්වයකි.

දිනපතා රුපියල් 300කට වඩා recharge කරන සෑම එයාර්ටෙල් පාරිභෝගිකයෙකුම මීට අදාල දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලබන අතර එසේ සුදුසුකම් ලබන පාරිභෝගිකයින් අතරින් සෑම දිනකම අහඹු ලෙස ජයග‍්‍රාහකයින් තෝරා ගනු ලැබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් එයාර්ටෙල් ශ‍්‍රී ලංකා ප‍්‍රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්‍යක්ෂ, අශීෂ් චන්ද්‍රා මහතා පැවසුවේ ”අපගේ වටිනා පරිශීලකයින්ට ඔවුන් ගෙවන මුදලට උපරිම වටිනාකමක් ලබා දීම සඳහා එයාර්ටෙල් ශ‍්‍රී ලංකා සෑම අවස්ථාවක් කෙරෙහිම අවධානය යොමු කර තිබෙනවා. විශේෂයෙන් බොහෝ දෙනෙක් මේ වන විට මුහුණ දෙන ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන අපගේ ජාලය ශක්තිමත් කිරීම සහ අපගේ නිෂ්පාදන හා සේවා නැවත නිර්මාණය කිරීමට අමතරව අපගේ පරිශීලකයින් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ඔවුන්ට වැඩි වටිනාකමක් ලබා දීම සඳහා අපගේ සමස්ත ව්‍යාපාරය නැවත සංවිධානය කිරීමට අප කටයුතු කළා. Airtel Smartphone Bonanza යනු අප විසින් හඳුන්වා දෙනු ලබන වටිනාකම මත පදනම් වූ නව්‍ය සේවාවන් මාලාවේ නවතම අංගයයි. මෙම දිනුම් ඇදීමට එක් වී වාසනාවන්ත ජයග‍්‍රාහකයෙකු වන ලෙස අපගේ සියලූම පාරිභෝගිකයින්ට අප ආරාධනා කරනවා.’’ යනුවෙනි.

එයාර්ටෙල් විසින් සෑම සතියකම දිනපතා මෙම Airtel Smartphone Bonanza වැඩසටහනේ ජයග‍්‍රාහකයින්ව Airtel Life username සහිතව නිවේදනය කරන අතරම එයාර්ටෙල් කණ්ඩායමක් විසින් අදාල ජයග‍්‍රාහකයින්ට ඍජුවම ඇමතුමක් ලබා දීමෙන් සුබ පතනු ඇත.

ශ‍්‍රී ලංකාවේ ජංගම විදුලි සංදේශ සේවා අවකාශය තුළ පාරිභෝගිකයා වෙත නව නිෂ්පාදන මුලින්ම ලබා දෙන ආයතනයක් ලෙස මෙන්ම සමාන ජාල අතර අසීමිත ඇමතුම් හඳුන්වා දීම සහ  ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් ලබා ගැනීමේ පහසුකම හඳුන්වා දුන් පළමු සමාගම වන්නේ ද එයාර්ටෙල් ය.

එයාර්ටෙල් Freedom දියත් කිරීමත් සමඟින් සමාගම සිය පරිශීලකයින්ට ඔවුන්ගේ සියලූම voice calls, කෙටි පණිවුඩ සහ data අවශ්‍යතා සඳහා උපරිම පහසුව ලබා දෙන අතර තරගකාරී ආයතනයන් අභිබවා ගොස් විශාල ඉතුරුම් අවස්ථා පිරිනමනු ලබයි. Unlimited පැකේජ හඳුන්වාදීමත් සමඟ එයාර්ටෙල් ලංකා මෙරට ජංගම විදුලි සංදේශ සේවා කර්මාන්තය තුළ පෙරළිකරුවෙකු ලෙස පෙරමුණ ගෙන සිටියි.

Visits: 38