බවර් සමාගම සිය 125වැනි සංවත්සරය සමරයි

ශ්‍රී ලංකාවේ බහුවිධ කර්මාන්ත ක්ෂේත්‍ර අතර ප්‍රගතිශීලී නවෝත්පාදනයේ සහ වර්ධනයේ අභිමානවත් වසර 125ක් සනිටුහන් කිරීමේ සුවිශේෂී මොහොත සමරමින්, A. Baur & Co. පුද්ගලික සමාගම හෙවත් බවර් සමාගම පසුගියදා විශේෂ උත්සවයක් සංවිධානය කරන ලදී.  

දශක ගණනාවක් පුරා සමාගම සතු ශක්තිය සහ දැඩි කැපවීම ද, අනාගතය වෙනුවෙන් පවතින අභිලාෂකාමී සහ නිර්භීත සැලසුම් ඉදිරිපත් කිරීම ද එහි එක් අරමුණක් විය.

2022 නොවැම්බර් 30 වැනිදා කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ පැවැත් මෙම විශේෂ උත්සවයට මෙරට ප්‍රධාන පෙළේ ප්‍රභූවරු රැසක්ම සහභාගී වූහ.

″අපගේ ජයග්‍රහණ මෙන්ම දශක ගණනාවක් පුරා අභියෝග රැසක් මැද, කාලීන සහ නව්‍ය විසඳුම් ගෙන ඒම සඳහා පෙන්නුම් කළ අඛණ්ඩ ප්‍රයත්නය පිළිබඳව අපි අතිශයින් ආඩම්බර වෙමු. ඒ වෙනුවෙන්, අපගේ වටිනා පාරිභෝගිකයින්, හවුල්කරුවන්, සේවකයින් ඇතුළු සෑම දෙනාටම ස්තූතිවන්ත වෙමි″ යනුවෙන් මෙහිදී අදහස් දක්වමින් A. Baur & Co. පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රොල්ෆ්  බ්ලාසර් මහතා පැවසුවේය.

ගොවීන්ට විද්‍යාත්මක උපදෙස් ලබා දීමටත්, කාබනික හා රසායනික පොහොර පිළිබඳ අවධානය යොමුකිරීම සඳහාත් බවර් සමාගම ඇරඹූඑහිනිර්මාතෘ ඇල්ෆ්‍රඩ් බවර් මහතා වෙත උපහාර පුද කිරීමට ද මෙහිදී බ්ලාසර් මහතා අමතක නොකළේ ය. වර්තමානය වනවිට මුළු කලාපයේම ඇති ඉහළම තාක්ෂණික පොහොර කම්හල ද බවර් සමාගම සතු වේ.

පසුගිය වසරේදී ශ්‍රී ලංකාව කාබනික කෘෂිකාර්මික ප්‍රවේශයක් වෙත ගමන් කිරීමේ අභිප්‍රාය ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදී, බවර් සමාගම මුහුණ දුන් කාබනික පොහොර අභියෝගය පිළිබඳව ද බ්ලාසර් මහතා වැඩිදුරටත් විස්තර කළේය.සමාගමදිගු කලක් තිස්සේ විවිධ පර්යේෂණ සහ සංවර්ධන මුලපිරීම්වලට සම්බන්ධ වී ඇති අතර,උදාහරණ ලෙස 2017 වසරේ සිට මේ දක්වා කිරි සහ කුකුළු ගොවිතැනෙන් පොහොර,රොන්මඩ,ජෛව කාබන්,කොම්පෝස්ට් සහ ගැඩවිල් දියර පොහොර (vermicompost)හඳුන්වා දීම පෙන්වා දිය හැක.

තව ද, තිරසාර කාබනික කෘෂිකර්මාන්තය සඳහාවන සිය පරිපූර්ණ ප්‍රධාන සැලැස්මේ කොටසක් ලෙසස්විට්සර්ලන්තය පදනම් කරගත් FIBL සහ HAFL වෙතින් විශේෂඥ කණ්ඩායමක් ගෙන්වා ගැනීමට ද බවර් සමාගම ක්‍රියා කළේ ය. ඒ හරහා අපේක්ෂා කෙරුණේ විවිධ පාර්ශ්වකරුවන් සමඟ එක්ව අඛණ්ඩ ගැඹුරු අධ්‍යයන විශ්ලේෂණයක් සහ විසඳුම් වැඩසටහනක් තුළින් තිරසාර කාබනික කෘෂිකර්මාන්තය සඳහා විශිෂ්ටත්ව මධ්‍යස්ථානයක් බවට පත්වීමට ය. ස්විට්සර්ලන්ත විශේෂඥයින් සමඟ සමීපව කටයුතු කරන HAFL උපාධිධාරී ජැක් කෝලිගේ සහාය සමගින් බවර් කැලණිය කර්මාන්ත ශාලාවේ කාර්යාලය ද විවෘත කෙරුණි.

බවර්ස් සමාගම තම ස්විට්සර්ලන්ත සම්ප්‍රදායන් සහ සාරධර්ම ගැඹුරින් මුල් බැස ගත් නායකත්ව කණ්ඩායම සමඟ තවදුරටත්ශක්තිමත් වෙමින් පවතී. විශේෂයෙන්ම Foundation Alfred et Eugénie Baur කොටස්හිමිකාරීත්වය සමඟ,සමාගම සෑම විටම සිය සේවකයින්ගේ සහ ශ්‍රී ලංකාවේ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කර ඇත. එහි ඇතැම් ආයතනික සමාජ වගකීම් ක්‍රියාකාරකම් අතර විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සවිබල ගැන්වීම, යටිතල පහසුකම් සංවර්ධනය, පුහුණු වැඩසටහන් සහ හදිසි සහන සේවා ආදිය ඇතුළත් ය. එක්සත් ජාතීන්ගේGlobal Compact initiativeසමඟ මෑතකාලීන හවුල්කාරිත්වය සමඟ ද බවර් සමාගම තිරසාරත්ව දිශානතිය තුළ ප්‍රගතියක් ලබා ඇත.

Visits: 30