Spectrum Trading සහ Lanka IOC වෙතින් පරිසර හිතකාමී SERVO ecoPLUS වෙළඳපොලට

කීර්තිමත් Stafford සමූහ ව්‍යාපාරයේ සාමාජිකයෙකු වන Spectrum Trading Company (Pvt) Ltd විසින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතමබලශක්ති සමාගමක්වන Lanka IOC සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රථම සම සන්නාමගත, දේශීයව නිෂ්පාදිත ලිහිසි තෙල් සන්නාමය වන SERVO ecoPLUSපසුගියදා එළිදක්වන ලදී.

SERVO ecoPLUSයනු උසස් තත්ත්වයේ දැරිය හැකි මිලකින් යුත් ලිහිසි තෙල් වෙනුවෙන් දේශීය වෙළඳපොලෙහි පවතින අවශ්‍යතාවය සපුරාලීම උදෙසා නිෂ්පාදනය කරන ලද ලිහිසි තෙල් වර්ගයකි.

Servo Eco Plus විසින් ඇමරිකානු පෙට්‍රෝලියම් ආයතනය දක්වා ඇතිAPI SN කාර්ය සාධන මට්ටම් සම්පුර්ණ කර ඇති අතර මේ වනවිට දිවයින පුරා පිහිටි Spectrum Trading  අලෙවි නියෝජිත ජාලය හරහා අලෙවි කෙරේ. යතුරුපැදි, ත්‍රී රෝදරථ, මගී ප්‍රවාහන රථ සහ බර වාහන යන සියලුම මාදිලියේවාහනවලට  සරිලන ආකාරයේ විවිධ ප්‍රභේදවලින් SERVO ecoPLUSවෙළඳපොළ වෙත පැමිණේ.

මෙහි SAE 20W-40 ප්‍රභේදය 4 stroke එන්ජින් සඳහා විශේෂයෙන්ම නිෂ්පාදනය කර ඇති අතර SAE 20W-50 ප්‍රභේදය 4 stroke යතුරු පැදි සහ ත්‍රී රෝද රථ යන දෙවර්ගයම වෙනුවෙන්  නිෂ්පාදනය කොට ඇත. මගී ප්‍රවාහන රථ සඳහා  SAE 10W-30 ප්‍රභේදය ද බර වාහන සඳහා SAE 15W-40 ප්‍රභේදය ද පවතී.

SERVO ecoPLUSපරාසයේ ඇති සෑම ප්‍රභේදයක්ම, වාහනවල එන්ජින් ආරක්ෂා කිරීම, එනජින්වල කල්පැවැත්ම වැඩි දියුණු කිරීම සහ ඉහල ක්‍රියාකාරීත්වයක් සැපයීම යන අරමුණුවලින් යුතුව ගුණාත්මක අමුද්‍රව්‍ය යොදාගනිමින් නිෂ්පාදනය කර ඇත.

Spectrum Trading Co. (Pvt) Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ වෛද්‍ය කාලිංග කළුපෙරුම මහතා මෙම හවුල්කාරිත්වය පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. “අප විසින් ලංකා IOC සමඟ ඇති කරගත් මේ හවුල්කාරිත්වය ඉදිරි වසර ගණනක් පුරාවට අපට යහපත් ප්‍රතිථල ලබාදෙන බව මට විශ්වාසයි. මෙම SERVO ecoPLUSමඟින් වර්තමානයේ වෙළඳපොල තුල උසස් තත්ත්වයේ, දැරිය හැකි මිලක ලිහිසි තෙල් සඳහා පවතින අඩුව පුරවනවා. SERVO දේශීයව නිෂ්පාදනය කරන අතරම පෙට්‍රල් සහ ඩීසල් වාහනවලට එකසේ යොදා ගත හැකි වීම,  වෙළඳපොලේ ඇති අනෙකුත් බොහෝ ලිහිසි තෙල් වලින් එය වෙනස් කොට දක්වන්න පුළුවන්. මෙම හවුල්කාරිත්වය තවදුරටත් දීර්ඝ කරමින් ඉදිරියේදී තවත් මෙවැනි නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දීමටත් අපි බලාපොරොත්තු වෙනවා.”

Spectrum Trading Company (Pvt) Ltd යනු මෝටර් රථ  උපාංගඅලෙවිකරණය සහ බෙදා හැරීමේ ප්‍රමුඛයෙකු වන අතර Stafford සමූහයේසාමාජිකයෙකි.2008 දී සංස්ථාගත කරන ලද Spectrum Trading Company (Pvt) Ltd,  TORCH Plugs & Filters, Puma Tyres, සහ SHAKO Helmets ඇතුළු ශ්‍රී ලංකාවේ පවතින වාහන අමතර කොටස් සහ මෝටර් රථ උපාංග සන්නාම කිහිපයකම බලයලත් නියෝජිතයා සහ බෙදාහරින්නා වේ.

Lanka IOC,ශ්‍රී ලංකාවේ ප්‍රමුඛබලශක්ති සමාගමක්වනඅතර රට තුළ ග්‍රීස් නිෂ්පාදන කර්මාන්තශාලාවක් පිහිටුවන ලද එකම සමාගම වේ. ඔවුන්ගේ ත්‍රිකුණාමලයේ ඇති නවීනතම නිෂ්පාදන කර්මාන්තශාලාව තුල මෝටර් රථ, කාර්මික සහ සමුද්‍ර යන අංශයන් යටතේ SERVO ලිහිසි තෙල් නිෂ්පාදනය කරයි. ecoPLUSදේශීයව නිෂ්පාදනය කරනු ලබන අතර එමඟින් රටට විශාල විදේශ විනිමයක් ඉතිරි කරනු ලබයි. Lanka IOC  සෑම විටම ඉතා තරඟකාරී මිල ගණන් යටතේ හොඳම තත්ත්වයේ ලිහිසි තෙල් පිරිනැමීමේ ප්‍රමුඛස්ථානය ගෙන සිටී.

Visits: 7