SG Holdings Global දෙසැම්බර් මුල් දින 04දී Expolanka හි තවත් කොටස් මිලියන 16ක් මිලදී ගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී (EXPO.N0000) සමාගමෙහි ප්‍රධානතම කොටස්හිමිකාර සමාගම වන SG Holdings Global Pte. Ltd එම සමාගමෙහි තවත් කොටස් මිලියන 16ක් (16,174,187ක්) මිලදී ගෙන ඇතැයි පවසයි.

පසුගිය දෙසැම්බර් 01 වැනිදා, 02 වැනිදා, 05 වැනිදා සහ 06 වැනිදා යන දිනවලදී මෙම කොටස් මිලදී ගැනීම සිදු කර තිබේ.

පසුගිය දෙසැම්බර් 09 වැනිදා කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් එම සමාගම මෙම කරුණු අනාවරණය කරයි

මෙහිදී SG Holdings Global හි සහ Expolankd Holdings PLC හි අධ්‍යක්ෂවරයෙකු වන Ha Yo විසින් මෙම කොටස් මිලදී ගැනීම සිදු කළ බව එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

මේ යටතේ දෙසැම්බර් 01 වැනිදා කොටස් 4,440,000 ක් මිලදී ගෙන තිබේ. එසේම දෙසැම්බර් 02 වැනිදා සහ 05 වැනිදා පිළිවෙලින් කොටස් 5,774,000ක් සහ 3,680,187 ක් ලෙස මිලදී ගෙන ඇත. මීට අමතරව දෙසැම්බර් 06 වැනිදා කොටස් 2,280,000 ක් මිලදී ගෙන ඇත.

මෙහිදී මිලදී ගෙන ඇති සමස්ත කොටස් ප්‍රමාණය කොටස් 16,174,187 කි. එසේම කොටසක් රුපියල් 194.50ත් 206.00ත් අතර මිලකට මෙම කොටස් මිලදී ගැනීම සිදුව තිබේ.

ඒ අනුව මෙම කොටස් ගනුදෙනුවේ සමස්ත වටිනාකම ආසන්න වශයෙන් රුපියල් බිලියන 3.2ක් (3,238,880,946ක්) ලෙස සටහන්ව ඇත.

Visits: 28