ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල ගුවන් යානා නඩත්තුව පිළිබඳ EASA 66 මූලික පාඨමාලාව නැවත අරඹයි

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවා පාසල වසර හතරක විරාමයකින් පසු ශ්‍රී ලාංකික සිසුන්ට ගුවන් යානා නඩත්තුව පිළිබඳ EASA 66 මූලික පාඨමාලාව නැවත හඳුන්වා දීමට කටයුතු යොදා තිබේ.

ලොව පිළිගත් ඉහළ ඉල්ලුමක් ඇති මෙම පාඨමාලාව ගුවන් යානා නඩත්තු ක්ෂේත්‍රයේ වෘත්තියක් අපේක්ෂා කරන සිසුන් සඳහා ලබාදෙන වටිනා අවස්ථාවකි.
 
EASA PART 66 ගුවන් යානා නඩත්තුව පිළිබඳ මූලික පාඨමාලාව යුරෝපා සංගමයේ ගුවන් සේවා ආරක්ෂණ ඒජන්සිය (EASA) සහ ශ්‍රී ලංකාව, මාලදිවයින සහ පකිස්ථානයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් අනුමත කර ඇත. මෙම පාඨමාලාව හදාරන සිසුන්ට යාන්ත්‍රික (B1.1) සහ Avionics (B2) යන විෂය ධාරාවන් දෙකෙහිම අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලබා දෙයි.

යාන්ත්‍රික විෂය ප්‍රධාන වශයෙන් එහි ව්‍යුහය සහ අදාළ පද්ධති වැනි ගුවන් යානයක යාන්ත්‍රික අංග සමඟ සම්බන්ධ වේ. Avionics යනු ගුවන් යානා වල විදුලි හා ගුවන්විදුලි උපකරණ සහ පද්ධති සමඟ සම්බන්ධ වන විෂයකි.

එයාර්බස් හි ගෝලීය වෙළඳපල අනුමානයන්ට අනුව 2040 වන විට තවත් මිලියනයකට ආසන්න ගුවන් යානා නඩත්තු කාර්මිකයන් සහ ඉංජිනේරුවන් සඳහා අමතර ඉල්ලුමක් දැකිය හැකි වන අතර, එය ගුවන් සේවා කර්මාන්තයේ වර්ධනයට අනුකූල වේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවා පාසලේ ගුවන් යානා නඩත්තුව පිළිබඳ EASA 66 මූලික පාඨමාලාව අලුත් කිරීම තුළින් ශ්‍රී ලාංකීය සිසුන්ට මෙම ගෝලීය වෘත්තීය හැදැරීමට මෙන්ම ගෝලීය ගුවන් සේවා ක්ෂේත්‍රයේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඉහළ නිපුණතා ඇති දේශීය දක්ෂතා ඇති කිරීමට ද උපකාරී වනු ඇතැයි අපේක්ෂා කරයි.  

ශ්‍රීලංකන් ගුවන් සේවා විද්‍යාලය කලාපයේ EASA අනුමත පුහුණු ආයතන අතලොස්සෙන් එකක් වන අතර,ගෝලීය ප්‍රමිතීන් සහ එක් එක් ගුවන් සේවාවන්ට අනන්‍ය වූ විශේෂ අවශ්‍යතා පිළිබඳ නා අවබෝධයෙන් ඔවුන් කටයුතු කරනු ලැබේ. ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල ශ්‍රී ලාංකිකයන් සහ ජාත්‍යන්තර සිසුන් විශාල පිරිසක් සඳහා කටුනායක කේන්ද්‍ර කරගනිමින් පහසුකම් සපයා තිබේ. එය රාජකීය ගගනගාමී සංගමයේ (RAES) සහ යුරෝපීය ගුවන් සේවා නඩත්තු පුහුණු කමිටුවේ (EAMTC) සාමාජිකයෙකි. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ගුවන් සේවා පුහුණුව පිළිබඳ වසර 34 කට වැඩි පළපුරුද්දක් ඇතිව සිසුන්ට සහ වෘත්තිකයන්ට පුළුල් ගුවන් සේවා සහ ආයතනික පුහුණු විකල්පයන් ලබා දෙයි.

මේ සඳහා උනන්දුවක් දක්වන සිසුන්ට training@srilankan.com යන ලිපිනයට ඊමේල් පණිවිඩ යොමු කළ යුුතුව ඇති අතර වැඩි විස්තර සඳහා www.srilankanaviationcollege.com යන වෙබ් අඩිවියෙන් ලබාගත හැක.

Visits: 23