MAS Fabric Park තිරසාරභාවය සහ සදාචාරාත්මක නිෂ්පාදන පරාමිතීන් සමගින් 16 වැනි සංවත්සරය සමරයි

ශ‍්‍රී ලංකාවේ පළමු, දෙවන සහ එකම පුද්ගලික හිමිකාරිත්වය ඇති තුල්හිරිය සහ ගිරිඋල්ල ඇඟලූම් නිදහස් වෙළඳ කලාපවල හිමිකාරිත්වය දරණ MAS Fabric Park (MFP) සිය 16 වැනි සංවත්සරය පසුගියදා සමරනු ලැබීය. එහිදී මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ රෙදිපිළි සංවර්ධනය හා අගය එකතු කිරීම පිළිබඳවයි.

MFP තුල්හිරිය ඇඟලූම් නිදහස් වෙළඳ කලාපය අක්කර 165ක් සහ ගිරිඋල්ල ඇඟලූම් නිදහස් වෙළඳ කලාපය අක්කර 45ක් පුරා නිස්කලංක සහ හරිත පරිසරයක පිහිටා ඇත. මෙම කලාපය තුළ MAS සැපයුම් දාමය වඩාත් උපායමාර්ගිකව සහ සකී‍්‍රයව කි‍්‍රයාත්මක වෙයි.

MFP විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප‍්‍රමිතීන්ට අනුකූලව කාර්මික අවශ්‍යතා සහ මිනිස් පරිභෝජනය සඳහා මධ්‍යගත ජල පිරිපහදු සහ බෙදා හැරීමේ පහසුකම් වැනි ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණික සේවා සපයයි. මීට අමතරව මධ්‍යම විදුලිය බෙදා හැරීමේ පද්ධතියක්, මධ්‍යගත වාෂ්ප සහ තාප බලශක්ති සැපයුමක් සහ ජීව විද්‍යාත්මක හා රසායනික පිරිපහදු කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ විශාලතම ඒකාබද්ධ මධ්‍යගත අපජල පවිත‍්‍රාගාරයක් මෙම කලාපයේ පිහිටා ඇත.

MFP යනු ශ‍්‍රී ලංකාවේ විශාලතම වහල මත සවිකර ඇති සූර්ය බලශක්ති උත්පාදක යන්ත‍්‍රය සතු ආයතනය වන අතර රට පුරා ව්‍යාප්ත වී ඇති ස්ථාපනයන් 19ක් මගින් නිපදවන මුළු බලශක්ති ප‍්‍රමාණය මෙගාවොට් 23කි. තුල්හිරියේ අක්කර 10ක තනි වහලක් මත මෙගාවොට් 4.2ක් ජනනය කරන සූර්ය පැනල සවිකර ඇති අතර එය මෙරට වහලයක් මත සවිකර ඇති විශාලතම සූර්ය පැනල පද්ධතිය වේ.

MFP යනු ශ‍්‍රී ලංකාවේ විශාලතම වහල මත සවිකර ඇති multi-site සූර්ය බලශක්ති උත්පාදක යන්ත‍්‍රය සතු ආයතනය වන අතර ස්ථාපනයන් 19 මගින් උත්පාදනය කරන මුළු බලශක්ති ප‍්‍රමාණය මෙගාවොට් 23කි. තුල්හිරිය කලාපයේ අක්කර 10ක තනි වහලක් මත මෙගාවොට් 4.2ක් උත්පාදනය කිරීමට හැකි සූර්ය පැනල පද්ධතියක් සවිකර ඇති අතර එය මෙරට විශාලතම සූර්යබල ස්ථාපනයද වේ.

තුල්හිරිය කලාපයට තුරුවදුල නම් වූ අක්කර 10ක ජෛව විවිධත්වයෙන් අනූන වනාන්තරයක් අයත් වන අතර මෙය රාජ්‍ය නොවන ආයතනයක් විසින් ක‍්‍රියාත්මක කරන ලද සහ සංවර්ධනය කරන ලද දේශීය වනාන්තර ජෛව විවිධත්වයේ අනුරුවකි.

වාෂ්ප හා තාප බල ශක්තිය නිපදවීම සඳහා රොන්මඩ ජෛව ස්කන්ධය භාවිතා කරන මෙම තිරසාර කාර්මික කලාප දෙක තුළ කිසිවක් අපතේ නොයයි. එපමණක් නොව අවශේෂ බොයිලේරු අළු Eco Bricks බවට පරිවර්තනය කරන අතර ඒවා වාණිජ වශයෙන් සහතික කළ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීම සහ ගෘහස්ථව නිෂ්පාදනය කිරීම සඳහා යොදාගනු ලැබේ.

MAS Athena ඉගෙනුම් සහ සංවර්ධන මධ්‍යස්ථානය MFP හි අනිවාර්ය අංගයකි. එය බහුවිධ පුහුණු සහ සම්මන්ත‍්‍රණ පහසුකම්, ශ‍්‍රවණාගාරය, ක‍්‍රීඩා පිටි, භෝජන සංග‍්‍රහ, නවාතැන් සහ විවේක පහසුකම් මෙන්ම රැස්වීම්, සම්මන්ත‍්‍රණ සහ ප‍්‍රදර්ශන (MICE) පැවැත්වීමේ පහසුකම් වලින් ද යුක්තය. සියලූම ආයතනික සහ විනොදාත්මක අවශ්‍යතා එකම ස්ථානයකින් සපුරාලිය හැකි ශ‍්‍රී ලංකාවේ එකම විසඳුම මෙයයි.

අද වන විට MFP විසින් රැකියා අවස්ථා 12,000ක් නිර්මාණය කර ඇති අතර Trischel Fabric, MAS Linea Intimo, MAS Fabrics Matrix, Textprint, MAS Intimates Thurulie සහ MAS Kreeda Methliya ආදී තාක්ෂණික රෙදිපිළි නිෂ්පාදකයින් සඳහා කේන්ද්‍රස්ථානය වන්නේ මෙයයි. මෙම නිෂ්පාදන කම්හල් ලොව ඉහළම වෙළඳනාම සඳහා ඇඟලූම් නිෂ්පාදනය කරයි.

මෙම 16 වන සංවත්සරයට සමගාමීව උත්සවයක් පවත්වන ලද අතර මෙම උත්සවයට 1968 සහ 1971 අතර කාලයේ දී මෙම සුවිශේෂී සන්ධිස්ථානය ගොඩනැගීමට ඉවහල් වූ තාක්ෂණික කණ්ඩායමට අයත් කිහිප දෙනෙකු පැමිණ සිටීයහ.

MFP තිරසාර කාර්මික නිෂ්පාදනයේ හොඳම භාවිතයන් සමඟින් නව්‍යකරණය වෙමින් සහ වෙනස් වෙමින් MAS හි අරමුණ යථාර්තවත් කරන අතර MFP නිෂ්පාදනයක් මිල දී ගන්නා ඕනෑම ගෝලීය පාරිභෝගිකයෙකුට තමන් මිලදී ගන්නා භාණ්ඩය සදාචාරාත්මකව නිෂ්පාදනය කර ඇති බවට සහතික විය හැක.

Visits: 64