JAT Holdings වෙතින් කොටසකට ශත 45ක් බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත JAT HoldingsPLC සමාගම (JAT.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 45ක් බැගින් හිමිවන ලෙස මෙම ලාභාංශ ගෙවීම සිදු කරන බව සමාගම සඳහන් කරයි.

මෙය 2022/23 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම බව JAT HoldingsPLC සමාගම පවසයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස දෙසැම්බර් 30 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස දෙසැම්බර් 12 වැනිදා නම් කෙරී තිබේ.

මේ අතර මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් සමාගම වැඩිදුරටත් පවසයි. ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී JAT HoldingsPLC සමාගමේ කොටසක වටිනාකම රුපියල් 12.80ක් ලෙස සටහන්ව තිබු අතර, එය පෙර දිනයේ කොටසක වටිනාකම වූ රුපියල් 12.40ට සාපේක්ෂව ශත 40ක එනම් 3.23%ක වර්ධනයකි.

Visits: 56