රාජා ජුවලර්ස් Diamond Emporium නමින් දියමන්ති ප්‍රදර්ශනාගාරයක් විවෘත කරයි

රාජා ජුවලර්ස් ආයතනය සිය නව දියමන්ති ප්‍රදර්ශනාගාරය Diamond Emporium නමින් පසුගියදා බම්බලපිටියේ රාජා ජුවෙලර්ස්හි ප්‍රධාන ප්‍රදර්ශනාගාරයේදී විවෘත කෙරිණි.

පාරිභෝගික අවශ්‍යතාවලට සරිලන, ජාත්‍යන්තර මට්ටමේ ස්වර්ණාභරණ නිර්මාණයෙහි නිරත වන මෙම සුව්ශේෂී මධ්‍යස්ථානය අපූර්ව දියමන්ති සහ ශ්‍රී ලංකාවට පමණක් ම ආවේණික වූ මැණික් ගල් එකතුවකින් ද සමන්විත වේ.

Diamond Emporium විවෘත කිරීම මෙරට ස්වර්ණාභරණ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ පාරිභෝගික භවතුන් රැසකගේ සහභාගීත්වයෙන් සිදුව තිබේ.

ආරම්භයේ සිට ම, රාජා ජුවලර්ස් සිය ශ්‍රී ලාංකේය අනන්‍යතාවය මූර්තිමත් කිරීමට සමත් වූ අතර, එම ආයතනය ගුණාත්මක භාවයෙන් හා වටිනාකමින් ඉහළ ලෝක ප්‍රකට ස්වර්ණාභරණ නිෂ්පාදනයෙහි නිරත විය. මෙම සාර්ථක ගමන් මගේ දී දියමන්ති සහ ස්වර්ණාභරණ කර්මාන්තය තුළ වසර 95ක් පුරා ලද අත්දැකීම් ඇසුරින් ආරම්භ කළ මෙම Diamond Emporium ප්‍රදර්ශනාගාරය අසමසම ප්‍රවීණතාවෙන් සහ ශිල්පීයත්වයෙන් ශක්තිමත් වේ.

මෙම Diamond Emporium ප්‍රදර්ශනාගාරය මගින් Diamond Emporium හි අති විශිෂ්ට නිර්මාණ ලබාගත හැකි වීම පාරිභෝගික ජනතාවට ලැබෙන සුවිශේෂී වරප්‍රසාදයකි. නව නිර්මාණ රැසකින් මෙන් ම අභ්‍යන්තර නිපුණ නිෂ්පාදන කාර්ය මණ්ඩලයකින් සමන්විත Diamond Emporium පාරිභෝගික අවශ්‍යතාවලට සරිලන පරිදි සිය නිෂ්පාදන කටයුතු සිදු කරයි. එම නිසා ම මෙම නව නිෂ්පාදනායතනය මගින් පාරිභෝගිකයාට අවශ්‍ය මෝස්තර ඒ අයුරින් ම නිපදවාගැනීමේ හැකියාව සුවිශේෂී වේ.

රාජා ජුවලර්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අතුල එළියපුර මහතා මෙම සුවිශේෂී අවස්ථාවේ දී අදහස් දක්වමින්, “අප සතු දශක ගණනාවක විශේෂඥ දැනුම තුළින් අපගේ විශ්වාසවන්ත ගනුදෙනුකරුවන්ට වැඩි වටිනාකමකින් යුතු නිෂ්පාදන ලබා දීමට හැකි වීම පිළිබඳව අපි ආඩම්බර වෙනවා. Diamond Emporium හරහා අපි අපගේ අද්විතීය ශ්‍රී ලාංකේය අනන්‍යතාව සහ දශක නවයක විශිෂ්ටත්වය පිළිබිඹුවන, ජාත්‍යන්තරයට සරිලන වගේ ම ලෝ ප්‍රකට නිර්මාණ ගෙන එනවා. මෙම නව මධ්‍යස්ථානය මගින් අපගේ ගනුදෙනුකරුවන් මෙතෙක් අත් නොවිඳි නිර්මාණ රැසක් අත් ව්ඳීමේ හැකියාව ලබා දීමට අපි අරමුණු කරනවා.” යනුවෙන් ප්‍රකාශ කළේය.

Visits: 108