ඉන්දියානු මහ කොමසාරිස් හොරණ TVS Motor Company (Lanka) කර්මාන්තශාලාවේ සංචාරයක

ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා පසුගියදා හොරණ පිහිටි TVS Motor Company (Lanka) යතුරු පැදි එකලස් කිරීමේ කර්මාන්තශාලාවේ නිරීක්ෂණ සංචාරයක නිරත වූ බව එම කොමසාරිස් කාර්යාලය පවසයි.

කර්මාන්තශාලාවේ පළමු සංවත්සරය නිමිත්තෙන් මෙම සංචාරය සංවිධානය වී තිබේ. එහිදී මහකොමසාරිස්වරයා ඉන්දියානු අයෝජන මඟින් ශ්‍රී ලංකාවට හිමි වී ඇති ප්‍රතිලාභ දැකබලා ගත් බවත් එම කාර්යාලය සඳහන් කරයි.

ඒ අනුව TVS Motor Company (Lanka)  තුළ සිදුවන 25%ක දේශීය අගය එකතු කිරීම හරහා ශ්‍රී ලාංකිකයන්ට හිමිවන ආර්ථික අවස්ථා පිළිබඳව එතුමා දැනුවත් කිරීම සිදුව තිබේ.

මෙහිදී මහ කොමසාරිස්වරයා ඉන්දියාවේ පුහුණුව ලැබූ ශ්‍රී ලාංකික කළමනාකාරිත්වය සහ තාක්ෂණ ශිල්පීන් සමඟ කතාබහක නිරතවීමක්ද සිදු කර තිබේ.

එසේම දැනටත් වඩා විවිධ කාර්යයන් සඳහා භාවිතා කළ හැකි, හරිත සහ තිරසාර ප්‍රවාහන විසඳුම් ගෙන ඒමට TVS සතු අනාගත සැලසුම් පිළිබඳව ද මහකොමසාරිස්වරයා දැනුවත් කිරීමට එම කර්මාන්තශාලාවේ ප්‍රධානින් කටයුතු කළ බවත් මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

Visits: 115