අවුරුදු 15 න් පහළ Sri Lanka Youth Leauge (SLYL) සඳහා ප්‍රීමා සමාගමේ ප්‍රධාන අනුග්‍රහය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයක්‍රියාත්මක කරන ‘National Talent Pathway’ ජාතික වැඩසටහනට සමගාමීව  සංවිධානය කෙරෙන, වයස අවුරුදු 15 න් පහළ Sri Lanka Youth Leauge(SLYL) අන්තර් දිස්ත්‍රික් හා අන්තර් පළාත් තරඟාවලියේ ප්‍රධාන  අනුග්‍රාහකත්වය ප්‍රීමා සමාගම දක්වයි.

මෙම අනුග්‍රාහකත්වය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ මාධ්‍ය හමුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හා ප්‍රීමා සමූහ ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් පසුගියදා කොළඹ SSC ක්‍රීඩාංගනයේ දීපැවැත්විණි.

වයස අවුරුදු 15න් පහළ ප්‍රීමා SLYL 2022 තරඟාවලියේ පන්දුවාර 50 පළාත් තරඟාවලිය දිස්ත්‍රික් මට්ටමින් තෝරාගත් යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 21 වනදා ආරම්භ විය.

රත්මලාන වෙළෙඳසේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේ දී හා ජනසතු සේවා ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනඑම තරඟාවලියගාල්ල, කොළඹ උතුර, කොළඹ දකුණ, මහනුවර සහ දඹුල්ල යන කණ්ඩායම් පහ අතරවැවැත්වෙන තරඟ 10කින් සමන්විතය.

මෙම තරඟාවලියේඅවසන් මහා තරගය නොවැම්බර් 29 වැනිදා පැවැත්වීමට නියමිතය. ජාතික කනිෂ්ඨ තේරීම් කමිටුවේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදිස්ත්‍රික් සහ පළාත් පුහුණුකරුවන් විසින්මීට සහභාගි වන ක්‍රීඩකයින් තෝරා ගන්නා ලදී.

පෙර වසරවල ප්‍රීමා චැම්පියන්ස් කුසලානය ලෙසින්  හැඳින්වූ , වත්මන් 15න් පහළ ප්‍රීමා SLYL තරඟාවලියේ නිල අනුග්‍රාහකයා ලෙසප්‍රීමා සමාගම පසුගිය වසර 12පුරා අඛණ්ඩව කටයුතු කර ඇති අතර, එමගින් දහස් සංඛ්‍යාත යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින්ට තම දිස්ත්‍රික්කය හා  පළාත නියෝජනය කිරීමේ අවස්ථාව ලැබී ඇත.ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන අතීතහා වර්තමානදක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් මෙම තරඟාවලියමඟින් බිහි වී ඇති බව ද පැවසිය යුතුමය.

මෙම උත්සව සභාව අමතමින්,  සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් (ප්‍රීමා සමාගමේ)නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සජිත් ගුණරත්න මහතා ප්‍රකාශ කළේ, ” ප්‍රීමා, නැවත වරක් වයස අවුරුදු 15න් පහළ ‘ප්‍රීමා SLYL ක්‍රිකට් තරඟාවලිය’ සඳහා අනුග්‍රාහකත්වය ලබා දෙමින්ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයසමඟ අත්වැල් බැඳගන්නා බව සතුටින් ප්‍රකාශ කිරීමට කැමතියි. ඒ වගේ ම මෙම තරඟාවලිය ශ්‍රී ලංකාක්‍රිකට් සඳහා පාලක මණ්ඩලය විසින් අනුමත කරන ලද එකම කනිෂ්ඨ ක්‍රිකට් තරගාවලියවිදියට හඳුන්වා දීමට පුළුවන්.” යනුවෙනි.

Visits: 44