සන්ෂයින් හෝල්ඩිංග්ස් වසරේ පළමු අර්ධයේදී රු. බිලියන 3.2ක බදු පසු ලාභයක් වාර්තා කරයි

ශ‍්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් (CSE: SUN) අභියෝගාත්මක ආර්ථික පසුබිමක් මධ්‍යයේ ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින්, 2022 සැප්තැම්බර් 30 (1HFY23) වනදායින් අවසන් වන මාස හය සඳහා රුපියල් බිලියන 24.9 ක සමස්ත ආදායමක් වාර්තා කිරීමට සමත්ව ඇත. පසුගිය වසරේ එම කාල පරිච්ඡේදය හා සැසඳීමේදී එය 57.7% ක වර්ධනයකි.

සලකා බලනු ලබන අදාල කාල පරිච්ඡේදය සඳහා බදු පසු ලාභය (PAT) රු. බිලියන 3.2 ක් වන අතර එය පසුගිය වසරට සාපේක්ෂව 28.2% ක වර්ධනයක් පෙන්නුම් කරයි.

හෙල්ත්කෙයාර්, පාරිභෝගික භාණ්ඩ සහ කෘෂි ව්‍යාපාරවල සිදුවූ වර්ධනය මෙයට හේතු විය. සමූහයේ ආදායම් වර්ධනයට සමගාමීව, සමූහයේ දළ ලාභය රුපියල් බිලියන 1.9 කින් වර්ධනය වී ඇත. එය පසුගිය වසරට සාපේක්ෂව 36.3% ක ඉහළ යාමක් පෙන්නුම් කරයි.

එසේම සලකා බලනු ලබන අදාල කාල පරිච්ෙඡ්දය සඳහා දළ ලාභ ආන්තිකය 29.4% ක් වූ අතර එය පසුගිය වසරේ එම කාල පරිච්ෙඡ්දයට සාපේක්ෂව පදනම් අංක 463 කින් අඩු වීමකි. බදු පසු ලාභය සහ සුළු අවශ්‍යතා (PATMI), 1HFY23  සඳහා රුපියල් බිලියන 1.9 ක් වූ අතර එය පසුගිය වසරට සාපේක්ෂව 60.0% ක වර්ධනයකි.

සමූහයේ හෙල්ත්කෙයාර් අංශය සන්ෂයින් හි පිරිවැටුම සඳහා විශාල දායකත්වයක් ලබා දී තිබෙන අතර එය සමස්ත ආදායමෙන් 46.6%ක් නියෝජනය කරයි. පාරිභෝගික භාණ්ඩ සහ කෘෂි ව්‍යාපාර යන අංශ සැසඳීමේදී සමූහයේ සමස්ත ආදායමට පිළිවෙලින් 34.4%ක් හා 18.4%ක් ලෙස සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇතx සමූහය විසින් 2022 අපේ‍්‍රල් මාසයේදී තේ අපනයන ව්‍යාපාරයක් වන Sunshine Tea (Pvt) Ltd අත්පත් කරගත් අතර එහි කාර්යසාධනය 2022 අපේ‍්‍රල් 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි පාරිභෝගික භාණ්ඩ අංශය යටතේ ඒකාබද්ධ කෙරිණි.

සමූහය ලබා ගත් මෙම කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් සන්ෂයින් හෝල්ඩිංග්ස් සමාගමේ සභාපති අමල් කබ්රාල් මහතා පැවසුවේ ‘‘රට මුහුණ දුන් සාර්ව ආර්ථික ගැටළුවල බලපෑම සමූහයේ සියලූම අංශවලට අභියෝග එල්ල කරනු ලැබුවා. කෙසේ වෙතත්, තියුණු විකුණුම් මුලපිරීම්, ශක්තිමත් පිරිවැය කළමනාකරණය සහ ක‍්‍රියාවලි ප‍්‍රතිනිර්මාණය කිරීම ආදිය සඳහා ඩිජිටල් මුලපිරීම් රැසකින් සහාය ලැබුණු අතර එනිසා 1HFY23 හි විශිෂ්ට කාර්යසාධනයක් ලබා ගැනීමට සන්ෂයින් හට හැකි වුනා. මෙම ප‍්‍රතිඵල ලබා ගැනීම සඳහා සමූහයේ සියලූම අංශ හා කණ්ඩායම් පෙන්නුම් කළ ඔරොත්තු දීමේ හා හැඩගැසීමේ හැකියාව ගැන මා අවංකවම ආඩම්බර වනවා. අඛණ්ඩව පවතින ආර්ථික අභියෝගයන් මගින් බාධා එල්ල වුවත් දැනට ක‍්‍රියාත්මක වන මුලපිරීම් මඟින් ඉදිරියේදී හොඳ ප‍්‍රතිඵල අත්කර ගැනීමට හැකිවනු ඇතැයි සමූහය විශ්වාස කරනවා.’’ යනුවෙනි.

Visits: 121