EXTERMINATORS PLC ශත 20ක් බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත එක්ස්ටර්මිනේටර්ස් පීඑල්සී සමාගම (EXT.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

අද දිනයේදී රැස්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ තීරණය ගෙන තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 20ක් බැගින් ලාභාංශ ගෙවීම සිදු කරන බව එක්ස්ටර්මිනේටර්ස් පීඑල්සී සමාගම පවසයි.

මෙය 2023 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා ලබාදෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙසද සඳහන්ව තිබේ.

මෙහිදී ලාභාංශ ගෙවීමේ දිනය ලෙස දෙසැම්බර් 22 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස දෙසැම්බර් 01 වැනිදා ප්‍රකාශ කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැතිබවත් සමාගම වැඩිදුරටත් පවසයි.

Visits: 58