ලෝක කුසලාන පාපන්දු තරගාවලිය වෙනුවෙන් Rakuten Viber වෙතින් chatbot, ස්ටිකර්, AR කාච ඇතුළු තවත් දේ

Rakuten Viber ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නිමිත කරගනිමින් chatbot, AR කාච (Lenses), ස්ටිකර් (Sticker Pack) යනාදිය මෙන්ම දේශීය සහ ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍ය නාලිකා (Channels) හරහා ජාත්‍යන්තර පාපන්දු තරඟවල නවතම පුවත් රැගෙන එමින් නව විශේෂාංග එළිදැක්වීමට පියවර ගෙන ඇතැයි පවසයි.

මෙම විශේෂාංග නොවැම්බර් මාසයේදී එළිදක්වනු ලබන අතර, මාස දෙකක් පුරාවට එහි අත්දැකීම් පරිශීලකයින්හට ලබා ගත හැකිය.

සිය පරිශීලකයන් අතර අන්තර් සබඳතාවයන් ගොඩනැගිය හැකිවන අයුරින් පාපන්දු ආශ්‍රිතව මෙම නව විශේෂාංග එළිදැක්වීමට Viber පියවර ගෙන තිබේ.

ලෝකයේ රටවල් 200ක් පුරා විසිරි සිටින බිලියනයක පමණ ප්‍රේක්ෂක පිරිසකගේ ජනප්‍රියතම ක්‍රීඩාව බවට පත්ව ඇත්තේ පාපන්දු ක්‍රීඩාවයි.
මෙම ක්‍රීඩාව සැමරීමට මෙන්ම ලෝකයේ සෑම රටක්ම එකට එක් කිරීමට හැකිවන අයුරින් Viber, සිය පරිශීලකයින් සඳහා පාපන්දු තරඟවල සියලු ප්‍රවෘත්ති පෙළගැස්වීමට සහ ඒ හා සම්බන්ධ වීමට හැකි ක්‍රියා මාලාවක් ආරම්භ කර ඇත.

එසේම Viber හි 2022 ගෝලීය පාපන්දු ක්‍රීඩා ක්‍රියා මාලාව හරහා එහි මිලියන ගණනක පරිශීලකයින්ට පුද්ගලික හෝ කණ්ඩායම් කතා බහ (Chats) කිරීම් තුළින් තරඟ දිරිගැන්වීම සඳහා තරඟ පිළිබඳව අනාවැකි පල කිරීමට සහ chatbot සමඟ ක්‍රීඩාව සැමරීමට සහයක් ලැබෙනු ඇත.

ඔවුන්ගේ ප්‍රියතම පාපන්දු කණ්ඩායම සමඟ පෙළගැසෙමින් පරිශීලකයන්ගේ අනාවැකි ගෝලීය ප්‍රමුඛ පුවරුවේ පළ කිරීමට මේ හරහා අවස්ථාව හිමිවන අතර ජයග්‍රාහකයින් සඳහා ආකර්ෂණීය වූ ත්‍යාග රැසක් දිනා ගැනීමට ද හැකියාව ලැබේ.

මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් Growth Top Markets of Rakuten Viber හි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ඇතනස් රෙකොව් මහතා, ”ලෝකය පුරා විසිරී සිටින බොහෝ උද්යෝගිමත් පාපන්දු ලෝලීන් සමඟ සහ Viber හි ගෝලීය ප්‍රේක්ෂකයින් සමඟ අපගේ පරිශීලකයින්ට සම්බන්ධ වීමට සහ එකිනෙකා සමඟ සම්බන්ධ වී කටයුතු කිරීමට අපට අවශ්‍යතාවයක් තිබුණා. අප සමඟ අන්තර් සබඳතාවයන් ඇති කරගත් අපගේ පරිශීලකයින්ට විවිධ ත්‍යාග පිරිනැමීමට හැකි වීම පිළිබඳව අපි සතුටු වෙනවා. අපගේ පරිශීලකයින්ට ඔවුන්ගේ මිතුරන්, පවුලේ අය සහ සගයන් සමඟ ඔවුන්ගේ පාපන්දු කණ්ඩායමේ ජයග්‍රහණ සැමරීමට පුළුවන්. ඔබගේ අනාවැකි බෙදා ගැනීම, ක්‍රීඩාවේ ලකුණු සොයා ගැනීමට හෝ ගෝලීය ප්‍රමුඛ පුවරුව පරීක්ෂා කිරීම සඳහා Viber යෙදුම විවෘත කිරීම හරහා පහසු වනු ඇති.” යනුවෙන් පැවසීය.

Visits: 58