ඔක්තෝබර් මාසයේදී උද්ධමනය 70.6%ක් දක්වා පහළට

මේ වසරේ ඔක්තෝබර් මාසයේදී මෙරට ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය 70.6%ක අගයක් ගත් බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත උපුටා දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව මෙය 2022 සැප්තැම්බර් මාසයේදී පැවැති මතුපිට උද්ධමන අනුපාතය වූ 73.7%ට සාපේක්ෂව කැපී පෙනෙන පහත වැටීමක් බව මහ බැංකුව සඳහන් කරයි.

එහිදී මූලිකවම ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය සැප්තැම්බර් මාසයේ පැවැති 85.8%ක සිට ඔක්තෝබර් මාසයේදී 80.9%ක් දක්වා පහළ ගොස් තිබේ. ඒ අනුව ආහාර කාණෟඩයේ අයිතමවල මිල ගණන් මාසිකව 0.41%කින් පහළ ගොස් ඇතැයි මහ බැංකුව පවසයි.

එහිදී නැවුම් මත්ස්‍ය, සහල්, කරවල සහ පොල්තෙල් මිල ගණන්හි සැලකියයුතු මිල ගණන්හි සැකිය යුතු පහළ යෑමක් දක්නට ලැබී තිබේ.

එසේම ආහාර නොවන කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය සැප්තැම්බර් මාසයේදී පැවැති 62.8%ක සිට ඔක්තෝබර් මාසයේදී 61.3%ක් දක්වා පහත වැටීමක් සිදුව තිබේ.

කෙසේ වෙතත් ඔක්තෝබර් මාසයේදීසෞඛ්‍ය, අභ්‍යාස පොත් හා ලිපි ද්‍රව්‍ය,ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ සහ ගෘහ ඒකක නඩත්තුව, මද්‍යසාර පාන වර්ග සහ දුම්කොළ හා විවිධ භාණ්ඩහා සේවා යන උප කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන්හි ඉහළ යෑමක් දැකගත හැකිව තිබේ. එහෙත් පෙට්‍රල් සහ ඩීසල් උප කාණ්ඩයේ මිල ගණන් පහළ යෑම ආහාර නොවන කාණ්ඩයෙහි සමස්ත මාසිකඉහළ යෑමසැලකිය යුතු ලෙස අඩු කිරීමට හේතු වී තිබේ.

Visits: 48