IIT 28 වැනි උපාධි ප්‍රදානෝත්සවය BMICH හිදී සාර්ථකව පැවැත්වෙයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ පුරෝගාමියෙකු වන Informatics Institute of Technology ආයතනය (IIT) සිය 28 වැනි උපාධි ප්‍රධානෝත්සවය පසුගියදා කොළඹ BMICH හිදී උත්කර්ෂවත් අන්දමින් පවැත්විය.

මෙම අවස්ථාව එක්සත් රාජධානියේ වෙස්ට්මිනිස්ටර් විශ්ව විද්‍යාලයේ (UOW) හා අනුබද්ධිත IIT ආයතනයේ උපකුලපති සහ සභාපති ආචාර්ය පීටර් බොන්ෆීල්ඩ් මහතාගේ ප්‍රධනත්වයෙන් සිදු විය.

Bachelor of Engineering (Honours) in Software Engineering, Bachelor of Science (Honours) in Computer Science, Bachelor of Science (Honours) in Business Information Systems, Bachelor of Arts (Honours) in Business Management, Master of Arts in Fashion Business Management, Master of Science in Advanced Software Engineering සහ Master of Science in Cyber Security and Forensics ඇතුළු උපාධි රැසක් මෙහිදී ප්‍රධානය කරන ලදී.

උත්සව අවස්ථාව සඳහා IIT ආයතනයේ උපාධිධාරී සිසුන් සහ දෙමාපියන්, විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය මෙන්ම විවිධ ක්ෂේත්‍රයන්හි විද්වතුන්ද රැසක්ද සහභාගී විය.

සම්මාන ප්‍රධානය, ආයතන සභාපති ආචාර්ය ගාමිණී වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර එහිදී විශිෂ්ට ජයග්‍රහණ සඳහා වූ රන් පදක්කම, සෑම අංශයකින්ම දක්ෂ සිසුන් සඳහා වන වෙස්ට්මිනිස්ටර් විශ්ව විද්යාල සම්මාන සහ අවසන් වසර හොඳම ව්‍යාපෘති සඳහා ද සම්මාන ප්‍රධානය සිදු විය.

ආරම්භයේ සිටම එහි සියලුම උපාධිධාරීන්ට ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි රැකියා කිරීමට අවශ්‍ය පුහුණුව IIT ආයතනය තුළින්ම හිමිවේ. මෙහි උපාධිධාරීන්ගෙන් වැඩි ප්‍රමාණයක් දැනට ශ්‍රී ලංකාවේ ආයතනික අංශවල ප්‍රමුඛයන් මෙන්ම ඉහළ පෙළේ ව්‍යවසායකයින් වීම විශේෂත්වයකි. IIT සිසුන්ට සිය අංශ වලින් විදේශ රැකියා අවස්ථා ලබා ගැනීමට අවශ්‍ය මග පෙන්වීම් විශ්වවිද්‍යාලය විසින් නිරන්තරයෙන් සපයනු ලැබේ.

Visits: 52