CBL Nutriline නවතම උදෑසන ධාන්‍යමය ආහාරය Corn & Multi grain Chips හඳුන්වා දෙයි

ශ්‍රී ලාංකීය ජනතාවගේ ප්‍රියතම පෝෂ්‍යදායී උදෑසන ධාන්‍යමය ආහාර රැසක සැපයුම්කරුවකු වන CBL Nutriline සිය නිෂ්පාදන පෙළ තවත් පුළුල් කරමින් ප්‍රබෝධමත් සහ සෞඛ්‍ය සම්පන්න බවෙන් පිරි උදෑසනක් සඳහා අවශ්‍ය පෝෂණ ගුණය සහිත Nutriline Corn සහ Multigrain Chips යන නිෂ්පදනය හඳුන්වාදීමට පියවර ගෙන තිබේ.

මුළු පවුලේම සෞඛ්‍යය සහ යහපැවැත්ම සඳහා දායක වෙමින්, ක්‍රියාශීලී ජීවන රටාවක් පවත්වා ගැනීමට හැකි වන පරිදි, නව CBL Nutriline Corn සහ Multigrain Chips 100% දේශීයව ලබා ගන්නා බඩ ඉරිඟු, සහල්, කව්පි සහ මුං ඇට යන ධාන්‍ය වලින් නිෂ්පාදනය කර ඇත. මෙය කිරි, යෝගට් හෝ පළතුරු එකතු කර ගැනීමෙන් රස තවත් වැඩි කර ගත හැකිය.

මෙහි යකඩ අඩංගු වන අතර විටමින් A, D3, සින්ක්, කැල්සියම් සහ තන්තුමය ආහාර ඇතුළු ප්‍රධාන විටමින් සහ ඛනිජ ලවණ මුළු පවුලේම පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා උපකාරී වනු ඇත. CBL Nutriline Corn සහ Multigrain Chips ග්‍රෑම් 150 ක පැකට්ටුවක් සඳහා රුපියල් 360ක මිලක් නියම කර ඇත්තේ ද උසස් තත්ත්වයෙන් යුත් පෝෂ්‍යදායී උදෑසන ආහාරය පාරිභෝගිකයා හට දැරිය හැකි මිලක් යටතේ ලබා දීම සඳහාය.

Convenience Foods (Lanka) PLC හි ප්‍රධාන විධායක නිලධාරී තිලංක ද සොයිසා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසූයේ ”මෙම නිෂ්පාදනය උදෑසන කෑම මේසයට සුදුසු, පෝෂ්‍යදායී සහ ප්‍රණීත රසයක් ලබා දෙන විශිෂ්ඨ ආහාරයක්. CBL Nutriline Corn සහ Multigrain Chips යනු ශ්‍රී ලාංකේය පාරිභෝගිකයාගේ රුචිකත්වයට සහ ඔවුන්ගේ රසයට හෝ පෝෂණ ගුණයට හානියක් නොවන පරිදි නිෂ්පාදනය කර ඇති උදෑසන ධාන්‍යමය ආහාරයකි.”

”පෝෂ්‍යදායී ආහාර නිෂ්පාදනයේ පුරෝගාමියෙකු වශයෙන් පාරිභෝගිකයින්ට ඔවුන්ගේ කැමැත්ත අනූව ගුණාත්මක නිෂ්පාදන ලබා දීමට අපි කැපවී සිටිනවා. සෞඛ්‍ය සම්පන්නව දවස ආරම්භ කිරීම සඳහා පාරිභෝගික කැමැත්ත හඳුනා ගනිමින්, නව තන්තුමය ගුණයෙන් සහ රසයෙන් යුත් CBL Nutriline Corn සහ Multigrain Chips නිෂ්පාදන හඳුන්වාදීමට හැකි වීම පිළිබඳව අප සතුටු වෙනවා. එමෙන්ම පවතින අර්බුදකාරී ආර්ථික තත්ත්වය තුළ පාරිභෝගිකයින් හට දැරිය හැකි සාධාරණ මුදලකට ධාන්‍ය රැසක් අඩංගු පෝෂ්‍යදායී විකල්ප ආහාරයක් හඳුන්වාදීමට හැකි වීම ගැන අප ආඩම්බර වෙනවා.” CBL ආහාර අංශයේ සාමාන්‍යාධිකාරී – අලෙවි, ජයංග පෙරේරා අදහස් දක්වමින් පැවසීය.

Visits: 84