නිපොන් පේන්ට් ලංකා සමාගම දශකයක තිරසාර වර්ධනයක් සමරයි

නිපොන් පේන්ට් ලංකා සමාගම විසින් ලංකාවේ මෙහෙයුම් ඇරඹීමේ දසවන සංවත්සරය පසුගියදා වෝටර්ස් එජ් හෝටලයේදී උත්කර්ෂවත්ව සමරන ලදී. ශ්‍රී ලංකාවේ වෙළඳපොළට අගය වැඩි කිරීම සඳහා තමන්ගේ පේන්ට් හා ආලේපන NIPSEA සමූහය විසින් හඳුන්වා දීමේ අභියෝගය භාරගනු ලැබුවේ දස වසරකට පෙරය.

තිරසාර ව්‍යාපාර වර්ධනයක් ඇති කිරීම හා ශ්‍රී ලංකාවේ තමන්ගේ ප්‍රධාන පාර්ශවකරුවන්ගේ අවශ්‍යතාවයන් මුල් කොටගත්‍ විසඳුම් ලබාදීම ඉලක්ක කොට ගෙන සමාගම විසින් තම මෙහෙයුම් ආරමභ කරන ලදී.

නිර්මානාත්මක බව හා තිරසාරබව සඳහා NIPSEA සමූහයේ කැපවීම හා තමන් සේවා සපයන ගනුදෙනුකරුවන්ගේ හා ප්‍රජාවන්ගේ ජීවිත වල වෙනසක් ඇති කිරීම සඳහා තමන්ගේ තාක්ෂණික හැකියාවන් සමාගම විසින් මෙහෙයවන ලදී.

නිපොන් පේන්ට් ලංකා සමාගමේ සාමාන්‍යාධිකාරී නෙමන්ත අබේසිංහ මහතා විසින් උසස් ප්‍රමිතීන් ස්ථාපිත කොට කටයුතු ආරම්භ කරන ලදී. “නිපොන් පේන්ට් ලංකා විසින් අප ගනුදෙනුකරුවන්ගේ සියළු අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා නිර්මානාත්මක පේන්ට් හා ආලේපන හඳුන්වාදීම අභිමානයක්සේ අපි සළකනවා,” යයි ඔහු ප්‍රකාශ කළේය.

අබේසිංහ මහතා තම කණ්ඩායම පිළිබඳව සතුට පල කරයි. “ඔවුන් වෙහෙසවී වැඩ කරනවා. ඉතා උනන්දුවෙන් වැඩ කරනවා. ඉහළ අභිප්‍රේරණයකින් ඔවුන් ක්‍රියා කරනවා.” රටේ පවතින හොඳම වැඩපොළක් ලෙස නිපොන් පේන්ට් ලංකා (පු) සමාගම සහතික ලබා තිබේ. ලෝ වටා කීර්තියක් ලබා ඇති Great Place to Work® ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ජපන් ආලේපන සමාගමට මෙම පිළිගැනීම ලබා දී ඇත්තේ නිමැවුම් හා නිෂ්පාදන කර්මාන්ත කාණ්ඩයන් යටතේය. “ඉහළම තලයේ වැඩපොළක් ලෙස සහතික ලැබීමෙන් පෙනී යන්නේ අප විසින් සේවකයින් සඳහා ඉහළ තලයේ වැඩපොළක් නිර්මාණය කිරීම තුළින් නිපොන් පේන්ට් ලංකා සමාගම අගනා සේවාදායකයෙකු ලෙස ස්ථාපිත කොට ඇති බවයි.”

සමාගම විසින් දෙනු ලබන පොරොන්දුව නිපොන් පේන්ට් ලංකා සමාගමේ සභාපති, Wang Chyang මහතා විස්තර කළේය. “වෙනත් අය පිළිගැනීමට අපි සැම විටම විවෘතව සිටිනවා. අපේ ප්‍රියවාදී බව ගැනත්, විනිවිධභාවය ගැනත් අපි ආඩම්බර වනවා. වෙන සියල්ලකට වඩා සබඳතාවල තේරුම අපි අගය කරන අතර, ඒවා පවත්වා ගෙන යාමට උත්සාහ කරනවා. NIPSEA සමූහය සැම දෙනාටම ජය අත් කර දීමට නිරන්තරයෙන්ම උත්සාහ දරනවා. නෙමන්ත මහතා මෙහෙයුම් භාර ගැනීමත් සමග සමාගමේ විශාල වර්ධනයක් ඇතිවී තිබෙන අතර, එහි විභවය ඉක්මවා යමින්, ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රියතම පේන්ට් හා ආලේපන බවට පත්වී තිබෙනවා. අද, නිපොන් පේන්ට් ආසියාවේත්, ශ්‍රී ලංකාවෙත් ප්‍රමුඛ පේන්ට් සන්නාමය බවට පත්වී තිබෙනවා. දැනට සමාගමේ සේවකයින් 750ක් සිටිනවා,” යයි ඔහු පැවසුවේය.

වාස්තු විද්‍යා, කාර්මික, රථ වාහන හා නාවික ආලේපන ද, පේන්ට් හා ආලේපන ඉක්මවා ගිය භාණ්ඩ රැසක් ද, NIPSEA සමුහයේ විසඳුම් සම්භාරය තුළ අඩංගු වේ. සියළු පාර්ශවකරුවන්ට ඉස්තරම් නිර්මාණාත්මකකම් සපයමින්, ගනුදෙනුකරුවන් කේන්ද්‍ර කර ගැනීමේ නිරන්තර පරිශ්‍රමයක් NIPSEA සමූහය තුළ තිබේ. විවිධ අනුග්‍රාහක පිරිසකට සේවා සපයමින් නිපොන් පේන්ට් වසර 140 කට වැඩි කාලයක් ආලේපන කර්මාන්තයේ නියැළී සිටී.

Visits: 44