ඇමෙරිකානු තානාපතිනිය ත්‍රිකුණාමලයේ ලංකා IOC ඉන්ධන ටැංකි පරිශ්‍රයේ සංචාරයක

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ජූලි චන්ග් මහත්මිය අද දිනයේදී ත්‍රිකුණාමලයේ පිහිටි ලංකා අයිඕසී (Lanka IOC) සමාගමට අයත් ඉන්ධන ටැංකි පරිශ්‍රයේ සංචාරයක නිරත වූ බව පවසයි.

ඇය මෙහිදී ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්වරයා සමගින් මෙම සංචාරයේ නිරත වී තිබේ. එසේම මෙම අවස්ථාව සඳහා ලංකා අයිඕසී සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා ඇතුළුව එම සමාගමේ ඉහල නිලධාරින් කිහිප දෙනෙකුම සම්බන්ධව ඇත.

මෙම ගමන සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ අදහස් දක්වා ඇති ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ජූලි චන්ග් මහත්මිය, ශ්‍රී ලංකාව තුළ වඩාත් ප්‍රත්‍යස්ථ ආර්ථිකයක් ගොඩනැගීම සඳහා බලශක්ති සංවර්ධනය සඳහා සහයෝගිතාවක් ලබාදීම මූලික කරුණක් බව ඇය පවසා තිබේ.

එසේම මෙම ගමනේදී ලංකා අයිඕසී සමාගම ත්‍රිකුණාමලයේ පවත්වාගෙන යන ඉන්ධන ටැංකි පරිශ්‍රය මෙන්ම එම සමාගම එහි සිදු කරමින් පවතින නවෝත්පාදන මෙහෙයුම්ද දැකගැනීමට හැකිවුණු බවත් එක්සත් ජනපද තානාපතිනිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Visits: 64