ADB හි වෙළෙඳ සහ සැපයුම්දාම මූල්‍යයනය සඳහා ‘ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හවුල්කාර බැංකුව’ ලෙස කොමර්ෂල් බැංකුව සම්මානයට

ආසියානු පැසිෆික් කළාපයේ වෙළෙඳ කටයුතු සඳහා සහාය වන බැංකු ඇගයීමට ලක් කරන ආසියානු සංවර්ධන බැංකුවේ ^ADB& වෙළෙඳ හා සැපයුම්දාම මූල්‍ය වැඩසටහනේ ^TSCFP& සම්මාන උළෙලේදී පිට පිටම දෙවන වතාවට 2022 වසරේ ‘ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම හවුල්කාර බැංකුව’ ලෙස කොමර්ෂල් බැංකුව ඇගයීමට ලක් විය.

2021 ජූලි 01 වැනිදා සිට 2022 ජුනි 30 වැනිදා දක්වා කාලය තුල ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව වෙළෙඳ හා සැපයුම්දාම මූල්‍ය ක්ෂේත‍්‍රයේ වැඩිම ගනුදෙනු සංඛ්‍යාවක් සිදුකිරීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව වෙත මෙම සම්මානය පිරිනැමිණි.

පසුගියදා සිංගප්පූරුවේ පැවති ආසියානු සංවර්ධන බැංකුවේ වෙළෙඳ හා සැපයුම්දාම මූල්‍ය වැඩසටහනේ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී අංශ 10 ක් යටතේ සම්මානයට පාත‍්‍රකළ බැංකු 25 අතරට කොමර්ෂල් බැංකුවද අයත්වීම කැපී පෙනේ.  

මෙම ගෞරවණීය සම්මානය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, එස්. ප‍්‍රභාගර් මහතා මෙසේ පැවසීය. ‘සමාජ සහ ආර්ථික සංවර්ධනය ප‍්‍රවර්ධනය කිරීම සඳහා ණය, තාක්ෂණික සහාය, මූල්‍ය ප‍්‍රදාන සහ කොටස් ආයෝජන සම්පාදකයෙකු ලෙස ආසියානු සංවර්ධන බැංකුව කොමර්ෂල් බැංකුවට අතිශයින් වැදගත් පාර්ශවකරුවෙක් වෙනවා. සමෘද්ධිය සහ මූල්‍ය සහාය ප‍්‍රවර්ධනය කිරීමට ආයතන දෙක කැපවී සිටිනවා. මේ නිසා, ආසියානු සංවර්ධන බැංකුවේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පාර්ශවකරුවා ලෙසින් කොමර්ෂල් බැංකුවට ලබාදුන් මෙම ගෞරවය අපි දිරියක් ලෙසින් සලකනවා.’

කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන අතර මෙරට අපනයන වෙළෙඳාමෙන් 18% කට වැඩි කොටසට සහ ආනයන වෙළෙඳාමෙන් 10% කට අධික කොටසකට මූල්‍ය සේවා සපයන්නේ කොමර්ෂල් බැංකුවයි. බැංකුව ආයතනික ගනුදෙනුකරුවන් සමග පවත්වන ශක්තිමත් බැඳීම මෙම ජයග‍්‍රහණය ලබාගැනීමට විශාල දායකත්වයක් ලබාදෙන ලදී. 

Visits: 41