සියැට් රේඩියල් ටයර තත්ව පරීක්ෂාවට නැවතත් ඉන්දියාවේ ධාවන පථයට පිවිසෙයි

සියැට් කැළණි සමාගම විසින් දේශීයව නිෂ්පාදනය කරන සියැට් රේඩියල් ටයර පරාසය තවදුරටත් වැඩි දියුණු කිරීම සඳහා එම ටයර් ප‍්‍රමාණ 6 ක් මෑතකදී තරඟකාරී සන්නාමවල  ටයර්වල කාර්යසාධනය සමග සැසඳීමට දැඩි පරීක්ෂාවකට ලක් කරන ලද බව පවසයි.

මෙම මෙහෙවර ඉටු කිරීම සඳහා ‘සියැට්’ විසින් ඉන්දියාවේ ජාතික මෝටර් රථ පරීක්‍ෂණ, පර්යේෂණ සහ යටිතල සංවර්ධන පහසුකම් ව්‍යාපෘතිය (NATRIP) යටතේ ‘ඉන්ද්‍රෝර්හි’ ස්ථාපිත නවීනතම ජාතික මෝටර් රථ පරීක්‍ෂණ ධාවන පථයේදී (NATRAX) මෙම පරීක්‍ෂණ මාලාව සිදු කරන ලදී. මෙම වසර මුලදී මෙම ස්ථානයේදීම, සමාගමේ යතුරුපැදි ටයර් සඳහා මේ හා සමාන පරීක්‍ෂණයක්ද පවත්වන ලදී.

තෝරාගත් ‘සියැට්’ රේඩියල් ටයර ප‍්‍රමිතීන් හතරකින් ලකුණු කිරීම උදෙසා නවතම මිනුම් සලකුණු ක‍්‍රියාවලිය සිදුවිය. අඩු ශබ්දය, ගමන් පහසුව, හැසිරවීමේ ස්ථාවරත්වය සහ වියළි හා තෙත් පථවල තිරිංග ස්ථායිතාව, එම වටිනාකම් හතර විය. මෙලෙස තෝරාගත් ‘සියැට්’ රේඩියල් ටයර් ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය, සිංගප්පූරුව සහ ශ‍්‍රී ලංකාව යන රටවල තරඟකාරී ටයර සමග සන්සන්දනය සඳහා ඉදිරිපත් කරන ලදී.

මෙම නිරීක්‍ෂණ ක‍්‍රියාවලියේ අවසාන පරීක්‍ෂණ දත්ත තුලින් හෙළි වූයේ, CEAT 185/70R14 Fuelsmart, 195/65R15 Secura Drive, 185/65R15 Secura Drive, 205/55R Secura Drive, 175/65R15 Secura Drive සහ 265/70R16 Czar hp යන ටයර් වර්ග සමහර ගුණාංග වලින් තරඟකාරී වෙළෙඳ නාමයන්ගේ නිෂ්පාදන අභිබවා යන බවත් සමහර ගුණාංග තරඟකාරී වෙළෙඳ නාමයන්ගේ ගුණාංග හා සමාන වන බවත්ය.

වඩාත් නිශ්චිතව ධාවන පථ පරීක්‍ෂණ මගින් තහවුරු කර ඇත්තේ තරගකාරී සන්නාමයන්ට සාපේක්‍ෂව, CEAT Secura drive, Fuelsmart සහ Czar hp ටයර් වර්ග තෙත් සහ වියළි පථවල තිරිංග යෙදීමේදි වඩා ස්ථාවර වන බවත්, ඉහළ තිරිංග ස්ථායිතාවයක් ලබාදෙන බවයි. මීට අමතරව මෙම CEAT ටයර් ප‍්‍රමාණයන් හයම ගමන් පහසුව සැලකිමේදී ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කරන බවත්, Secura Drive සහ Fuelsmart ටයර් අවම ශබ්දය ජනනය කිරීමේදී තරඟකාරී නිෂ්පාදන හා සමාන වන බවත්ය.

මීට අමතරව, 175/65R15 ටයරයේ, ‘හැසිරවීමේ ස්ථායීතා පරාමිතීන්’ සුළු වශයෙන් වැඩිදියුණු කළ හැකි බැව් ද මෙහිදී අනාවරණය විය. මෙම සොයා ගැනීම් ඉදිරියේදී ඉහළ කාර්යය සාධනයක් ලබාදෙන නිෂ්පාදන බිහි කිරීම සඳහා භාවිතා කරන බව සියැට් කැලණි සමාගම ප‍්‍රකාශ කළේය.

මෙම නවතම ධාවන පථ පරීක්‍ෂණයන් පිළිබඳව අදහස් දක්වමින් ‘සියැට් – කැලණි’ සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ රවී ඩඞ්ලානි මහතා මෙසේ ප‍්‍රකාශ කර සිටියේය. ‘රටේ ටයර් අවශ්‍යතාවයෙන් අඩක් පමණ සපයන සන්නාමයක් ලෙස, පාරිභෝගිකයන්ගේ හඬට ඇහුම්කම් දීමට සහ ඔවුන්ට ගැලපෙන නිෂ්පාදන ලබා දීමට ‘සියැට්’ සමාගම කැපවී සිටිනවා. ඔවුන්ගේ අවශ්‍යතා සහ දේශීය තත්ත්වයන් අප මනාව අවබෝධ කරගෙන තිබෙනවා. අප විසින් පවත්වනු ලබන මෙම පරීක්‍ෂණ මගින් අපගේ නිෂ්පාදන නිරන්තරයෙන් මනාව සකස් කිරීමටත්, අපගේ පාරිභෝගිකයන්ගේ අපේක්‍ෂාවන් සපුරාලීමටත්, එසේම තරඟකාරී ටයර්වලට උසස් හෝ සමාන නිෂ්පාදන නිකුත් කිරීමටත්, අපට හැකියාව ලැබෙනවා. දුෂ්කර කාලයකදී පවා මෙසේ නිෂ්පාදන වැඩිදියුණු කිරීමට අප කරන ආයෝජන ගුණාත්මකභාවය සඳහා අපගේ කැපවීම පෙන්නුම් කරනවා.’

මෙම ධාවන පථ පරීක්‍ෂණ මගින් පරීක්‍ෂණයට භාජනය කරන ලද ප‍්‍රධානතම ප‍්‍රමිතීන් හතර පාරිභෝගිකයන්ගේ බලාපොරොත්තු සහ රේඩියල් ටයර් මිලදී ගැනීම් තීරණ සඳහා යොදාගන්නා ප‍්‍රධාන සාධක මත පදනම් විය.

පරීක්‍ෂා කරන ලද ටයර් ප‍්‍රභේද සහ ප‍්‍රමාණයන් Honda Civic, Civic EK 3 සහ Jazz, Hyundai i20 සහ Venue, Mahindra Thar, Mitsubishi Montero සහ Sportero, Nissan Leaf සහ Patrol, Renault KWID, Suzuki Spacia සහ Toyota Allion, Aqua, Axio, Corolla, Hilux Vigo, Land Cruiser, Permio, Prius සහ Vitz යන වාහන වර්ග භාවිතා කරන ටයර් වේ.

සියැට් කැළණි සමාගම මෙරට නිෂ්පාදන අංශය තුළ ඉතාමත් සාර්ථක ඉන්දියා – ශ‍්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසින් සැලකේ. මේ දක්වා මෙම ඒකාබද්ධ ව්‍යාපාරය විසින් සමස්තයක් ලෙස රුපියල් බිලියන 08 කට වැඩි මුදලක් ආයෝජනය කර තිබේ. සමාගම විසින් මගී මෝටර් රථ, වෑන්, SUV වාහන, වාණිජ (බයස්-ප්ලයි සහ රේඩියල්) යතුරු පැදි, ත‍්‍රි රෝද රථ සහ කෘෂි කාර්මික වාහන සඳහා ටයර් මෙරට නිෂ්පාදනය කරයි.

සියැට් සන්නාමය මේ වනවිටත් මෙරට රේඩියල් ටයර් වෙළෙඳ පොළින් 48% ක කොටසක්ද, ට‍්‍රක් රථ ටයර් වෙළෙඳ පොළින් 80% ක කොටසක්ද, සැහැල්ලූ ට‍්‍රක්රථ ටයර් වෙළඳ පොළින් 84% ක කොටසක්ද, ති‍්‍රි රෝද රථ ටයර් වෙළෙඳ පොළින් 51% ක කොටසක්ද, යතුරු පැදි ටයර් වෙළෙඳ පොළින් 36% ක කොටසක්ද, කෘෂිකාර්මික ටයර් වෙළෙඳ පොළින් 72% ක කොටසක්ද අත්පත් කර ගැනීමට සමත්ව ඇත. සියැට් ශ‍්‍රී ලංකා විසින් නිෂ්පාදනය කරන ටයර් වලින් 20% පමණ දකුණු ආසියාවේ, මැදපෙරදිග, අපි‍්‍රකාවේ සහ අග්නිදිග ආසියාවේ රටවල් 16 ක් වෙත මේ වනවිට අපනයනය කරයි.

Visits: 66