vivo ශ්‍රී ලංකාව තුළ සිය 5වන සංවත්සරය සමරයි

ප්‍රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන vivo විසින් ශ්‍රී ලංකාව තුල සිය 5වන සංවත්සරය සමරනු ලබයි.

අභියෝගාත්මක කාලවකවානු වලදී පවා ඔවුන්ට ශක්තියක් වෙමින් ශ්‍රී ලාංකීය ප්‍රජාව වෙත ලගා වීමට අත්වැලක් වූ සිය හවුල්කරුවන්, කාර්යමණ්ඩලය, සැපයුම්කරුවන්, බෙදාහරින්නන්, මාධ්‍ය සහ පාරිභෝගිකයින්ට හට ඔවුන්ගේ හදපිරි ස්තූතිය මෙම අවස්ථාවේදී vivo විසින් පිරිනමනු ලබයි.

vivo 2017 දී ශ්‍රී ලංකාව තුළ සිය දැවැන්ත ගමන ආරම්භ කළ අතර මෙම වසර 5 තුළ සිය නව්‍ය ස්මාර්ට්ෆෝන් තාක්‍ෂණය සහ පාරිභෝගික සත්කාර සේවා හරහා සාර්ථක ස්ථානයක් ගොඩනගාගෙන ඇත. නිවැරදි දේ නිවැරදි ආකාරයෙන් කිරීමේ බෙන්ෆෙන් දර්ශනය  අනුගමනය කිරීමෙන් සහ ඔවුන්ගේ පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශය තුලින් vivo විසින් ගෝලීය නවෝත්පාදන රැසක් කලාපයට හඳුන්වා දී තිබේ.

vivo, සන්නාමයක් ලෙස වෙළඳපල තුල, පාරිභෝගිකයින් සමඟ ශක්තිමත් සබඳතා නිර්මාණය කර ගැනීම සහ ඔවුන්ගේ තාක්ෂණික නවෝත්පාදනයන් හරහා පාරිභෝගිකයින්ගේ ජීවන රටාව පහසු කරන සහ වටිනාකමක් එකතු කරන නිෂ්පාදන හදුන්වාදීම අරමුණු කොටගෙන සිටී. vivo සිය නිෂ්පාදන ශ්‍රී ලාංකීය ස්මාර්ට්ෆොන් වෙළඳපලට හඳුන්වා දීමෙන් පසුඅද වනවිට,2500කට අධික ශක්තිමත් වෙළඳජාලයක් හරහා අලෙවිය සහ අලෙවියෙන් පසු සේවා සපයමින් කැපී පෙනෙන සහ විශ්වාසනීය සන්නාමයක් ලෙස ජනප්‍රියත්වය ලබා ඇත. තවද කලාපීය වෙළෙඳපොළ තුළට තවදුරටත් පිවිසෙමින් vivo විසින් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින්ට සුවිශේෂී සේවාවක් සහතික කිරීමේ අරමුණින් ප්‍රධාන සමාගම් සමඟ ව්‍යාපාරික හවුල්කාරිත්වයන්ට එළඹ ඇත.

සෑම පාරිභෝගිකයෙකුගේම අවශ්‍යතාවයන් සපුරාලීම කෙරෙහි අවධානය යොමු කරමින් vivo Sri Lanka විසින් නව්‍ය විශේෂාංග සහ කැපී පෙනෙන මෝස්තර සහිත ආකර්ශනීය ස්මාර්ට්ෆෝන් පෙළක් විවිධ මිල පරාසයන්  හරහා හඳුන්වා දී තිබේ. V සහ Y ශ්‍රේණිවල නිෂ්පාදන අද වනවිට පාරිභෝගිකයින් විසින් ආදරයෙන් වැළඳගෙන තිබේ. V ශ්‍රේණියේ ස්මාර්ට්ෆෝන් හරහා ජංගම ඡායාරූපකරණයට සුවිශේෂී විශේෂාංග ඒකාබද්ධ කිරීම තුලින් සහ Y ශ්‍රේණියේ ස්මාර්ට්ෆෝන් හරහා දැරිය හැකි මිලකට විවිධාකාර විශේෂාංග සහ ප්‍රමුඛ කාර්ය සාධනයක් සහිත නිෂ්පාදන හඳුන්වා දීම තුලින් vivo විසින් තරුණ පරම්පරාවෙහි මිතුරෙකු බවට පත්ව ඇත.

මෙම සුවිශේෂී අවස්ථාව සමරමින් vivo Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී කෙවින් ජියැන්ග් මහතා අදහස් දක්වමින්, “වසර 5ක් පුරාවට ශ්‍රී ලංකාව තුල අප ආ ගමන් මග පිළිබඳව සන්නාමයක් ලෙස අපි බෙහෙවින් සතුටට පත්වෙනවා. අපගේ නවෝත්පාදන ප්‍රවේශය සමඟින්, අභියෝග හමුවේ වුවද, බොහෝ පරිශීලකයින්ට ප්‍රතිලාභ ලබා දීමට සමත් වූ  අති නවීන තාක්ෂණයන් රට තුළට  හඳුන්වා දීමටත් අපට හැකියාව ලැබුනා.” යනුවෙන් පවසයි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වන ඒ මහතා, සිය පක්‍ෂපාතිත්වය නිරතුරුව අපට ලබා දෙමින් අපිව දිරිමත් කරන අපගේ ආදරණීය පාරිභෝගික ප්‍රජාව මේ අවස්ථාවේදී මම ගෞරවයෙන් මතක් කිරීමට කැමතියි. vivo Sri Lanka හි අතිවිශිෂ්ට සාර්ථකත්වය, අපගේ කාර්යමණ්ඩලය, පාරිභෝගිකයින්, අලෙවිනියෝජිතයන්, බෙදාහරින්නන්, මාධ්‍ය සහ හවුල්කරුවන් සියල්ලගේම සාමූහික උත්සාහයක ප්‍රතිඑලයක්.ඉදිරියටත්  අපගේ සේවාවන් අඛණ්ඩව ව්‍යාප්ත කිරීමටත්, හොඳම තාක්‍ෂණය සැපයීමටත්, විශාල ඩිජිටල් ඒකාබද්ධතාවයක් කරා රට ගෙන යාමටත් අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් සඳහන් කර සිටියි.

Visits: 44