රුපියල් 1.35 බැගින් ලාභාංශ ගෙවීමේ නිවේදනයත් සමගින් EX-PACK වටිනාකම 4.76%කින් ඉහළට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත EX-PACK Corrugated Cartons PLC සමාගම (PACK.N0000) සිය කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

අද දිනයේදී එම සමාගම කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් මේ පිළිබඳව දැනුම් දී තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1.35ක් බැගින් හිමිවන ලෙස මෙම ලාභාංශ ගෙවීම සිදු කරන බව සඳහන් වෙයි.

මෙය 2022/23 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම බව EX-PACK සමාගම පවසයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස දෙසැම්බර් 06 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස නොවැම්බර් 16 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය සමාගමේ කොටස්හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැතිබවත් EX-PACK සමාගම වැඩිදුරටත් පවසයි.

මේ අතර අද දිනය සඳහා කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී EX-PACK සමාගමේ කොටසක වටිනාකම රුපියල් 15.40ක් ලෙස සටහන් විය. එය පෙර දිනයේදී කොටසක වටිනාකම වූ රුපියල් 14.70ට සාපේක්ෂව ශත 70ක එනම් 4.76%ක ඉහළ යාමකි.

එසේම අද දිනයේදී ගනුදෙනු අවස්ථා 323 කදී සමාගමේ කොටස් 1,221,327ක් ගනුදෙනු වී ඇති අතර, සමස්ත පිරිවැටුම රුපියල් 18,674,178.00ක් ලෙස සටහන්ව තිබේ.

Visits: 102