එලෝන් මස්ක් ඩොලර් බිලියන 44කට Twitter මිලදී ගනී, CEO අග්‍රාවාල් ධුරයෙන් ඉවතට

ලොව අංක එකේ ධනවතා වන එලෝන් මස්ක් ලොව ජනප්‍රිය කෙටි පණිවුඩ හුවමාරු වැඩසටහන වන Twitter මිලදී ගැනීමට ඊයේ (28දා) පියවර ගත් බව වාර්තා වෙයි.

මෙහිදී පෙර පිවිසි එකඟතාව යටතේ එක්සත් ජනපද ඩොලර් බිලියන 44ක මුදලකට මස්ක් Twitter මිලදී ගැනීම සිදුකර තිබේ.

මෙම මිලදී ගැනීමෙන් අනතුරුව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇති මස්ක් “කුරුල්ලා දැන් නිදහස්” යනුවෙන් සඳහන් කර තිබේ. එසේම වඩාත් යහපත් කාලයක් ඉදිරියේදී බලාපොරොත්තු විය හැකි බවත් ඔහු  පවසා ඇත.

මස්ක් විසින් Twitter මිලදී ගන්නා බවට පළමුවරට අනාවරණය කළේ පසුගිය අප්‍රේල් මාසයේදීය. එහෙත් Twitter සතුව ඇති ව්‍යාජ ගිණුම් සංඛ්‍යාව එහි සමස්ත ගිණුම් අතරින් 5%ක් ඉක්මවන බව පවසමින් ඔහු එම ගනුදෙනු ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වෙතත් අනතුරුව Twitter සමාගම මස්ක්ට එරෙහිව නඩු මාර්ගයට පිවිසි අතර, එම නඩු තීන්දුවට අනුව ඊයේ දිනය වනවිට මස්ක් මෙම ගනුදෙනුව අවසන් කළ යුතුව තිබුණි. ඒ අනුව මස්ක් පෙර එකඟවූ ඩොලර් බිලියන 44ක මුදලකට මෙම ගැනීම සිදු කර තිබේ.

එසේම මෙම මිලදී ගැනීමට දින දෙකකට පෙරාතුව මස්ක් අත්සෝදන සින්ක් උපාංගයක්ද රැගෙන එක්සත් ජනපදයේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පිහිටි Twitter මූලස්ථානය වෙත ගියේය.

එක්සත් ජනපදයේ සුරැකුම්පත් හා විනිමය කොමිෂම පසුගිය බ්‍රහස්පතින්දා මෙම මිලදී ගැනීම අනුමත කර තිබූ අතර, නිව්යෝර්ක් නුවර කොටස් හුවමාරුවත් ඊයේ දිනයේදී මෙම මිලදී ගැනීම පිළිබඳව නිල වශයෙන් නිවේදනය කෙරිණි.

මේ අතර,  මස්ක් විසින් Twitter මිලදී ගැනීමත් සමගින්ම මේ දක්වා එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ ඉන්දියානු සම්භවයක් සහිත පරාග් අග්රාවාල් ඇතුළුව ප්‍රධානීන් කිහිප දෙනෙකුම එම ධුරවලින් ඉවත් කර ඇතැයිද සඳහන් වෙයි. ඒ අනුව ප්‍රධාන මූල්‍ය නිලධාරී නෙඩ් සෙගාල් සහ සමාගමේ ප්‍රධාන නීති සහ ප්‍රතිපත්ති විධායිකා විජේ ගාඩ්ඩේද ඒ අතර වෙති.

ඉන්දියානු සම්භවයක් සහිත ප්‍රධාන විධායක නිලධාරී පරාග් අග්රාවාල්ප්‍රධාන නීති සහ ප්‍රතිපත්ති විධායිකා විජේ ගාඩ්ඩේ

Visits: 153