බංග්ලාදේශ සහ ඉන්දියානු සංචාරකයන්ට Mastercard වෙතින් විශේෂ පැකේජයක් – සන්නාම තානාපති මහේල

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන බංග්ලාදේශ සහ ඉන්දියානු සංචාරකයන් සඳහා Mastercard සමාගම මගින් විශේෂිත පැකේජයක් හඳුන්වාදී ඇතැයි පවසයි.

සිය Priceless Specials යටතේ Mastercard සමාගම මෙම පැකේජය ඉදිරිපත් කර තිබේ. මෙම එම කාඩ්පත් හිමියන් සඳහා ලබා දෙන විශේෂිත වට්ටම් කොටස ලෙසින්ද සැලකෙයි.

ශ්‍රී ලංකාව සඳහා වන මෙම පැකේජය “Sri Lanka with Love” නමින් නම් කර ඇති අතර, මේ හරහා ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා සිදු කරන ගුවන් ගමනේ සිට ශ්‍රී ලංකාවේ නවාතැන් ගන්නා හෝටල් සහ ආපනශාලා වෙත සිදුකරන ගෙවීම් Mastercard හරහා සිදු කිරීමෙන් 10% සිට 45%ක් දක්වා වන වට්ටම් ලබා ගැනීමේ අවස්ථාව හිමිවන බව පැවසෙයි.

මෙම පැකේජ  සම්බන්ධයෙන් වන ප්‍රවර්ධන ව්‍යාපාරයක්ද Mastercard සමාගම දැනටමත් ආරම්භ කර ඇති අතර, එය Come, explore Sri Lanka with Mastercard ලෙස නම් කර තිබේ.

එසේම මෙම සුවිශේෂී පැකේජයේ සන්නාම තානාපතිවරයා ලෙස මෙරට ක්‍රිකට් තරුවක් වන මහේල ජයවර්ධන යොදා ගැනීමටත් Mastercard සමාගම පියවර ගෙන ඇත.

මේ අතර ශ්‍රී ලංකාවේ සංචාරයට බලාපොරොත්තුවෙන් සිටින බංග්ලාදේශ සහ ඉන්දියානු සංචාරකයන් සඳහා මෙවැනි විශේෂිත පැකේජයක් ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් සංචාරක සහ ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාද Mastercard සමාගම වෙත සිය ස්තූතිය පුද කර තිබේ.

Visits: 62