කොළඹ වරාය නගරයේ Port City Beach Plaza හි කඩසාප්පුවක් මිලදී ගැනීමේ අවස්ථාවක්

කොළඹ වරාය නගරය තුළ ස්ථාපිත කෙරෙන Port City Beach Plaza හි කඩසාප්පුවක් මිලදී ගැනීමේ අවස්ථාව දැන් උදා වී තිබෙන බව එය ඉදිකළ චයිනා හාබර් සමාගම සඳහන් කරයි.

ඒ අනුව ආහාර, පාන වර්ග සහ ආපනශාලා යනාදී ඕනෑම ආකාරයක අලෙවි සැලක් සඳහා මෙන්ම වෙරළ ආශ්‍රිත ක්‍රීඩා සඳහා අවශ්‍ය උපාංග කුලියට දීම වෙනුවෙන්ද මෙහිදී කඩසාප්පුවක් වෙන් කර ගත හැකිය.

මෙම Port City Beach Plaza හි ඇති සමස්ත කඩසාප්පු සංඛ්‍යාව 27ක් බවත්, ඒ එක් කඩසාප්පුවක විශාලත්වය වර්ගඅඩි 320ක් වන බවත් මේ සම්බන්ධයෙන් ‘ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා’ සිදුකළ විමසිමකදී එම ආයතනයේ නියෝජිකාවක පවසා සිටියාය.

එසේම මෙම සෑම කඩසාප්පුවක් සඳහාම මාසික කුලියක් අය නොකෙරෙන අතර, මූලික තැන්පතුව රුපියල් ලක්ෂ තුනක් බවත් එහිදී සඳහන් විය.

මේ අතර, දැනටමත් මෙම කඩසාප්පු අතරින් 16ක් දැනටමත් වෙන් කර ගෙන ඇති අතර, මිලදී ගැනීම සඳහා ඉතිරිව ඇත්තේ කඩසාප්පු 09කි. එසේම එසේම ජල ක්‍රීඩා සඳහා අවශ්‍ය උපකරණ කුලියට දීමේ කඩසාප්පුවද තවම මිලදී ගත හැකි මට්ටමේ පවතී.

දැවැන්ත මත්පැන් ශාලාවක් එහි මධ්‍යයේ පිහිටා තිබේ. එසේම එළිමහනේ පිහිටි වෙරළ කබානා කිහිපයක්ද මෙහි ඉදිකර තිබේ.

විශේෂයෙන්ම මෙම කොළඹ වරාය නගරය ආශ්‍රිත ප්‍රදේශය ඉතාමත් ඉහළ සංචාරක ආකර්ෂණයක් පවතින ස්ථානයක් බවට පත්වීමත් හේතුවෙන් මෙය ඉතාමත් හොඳ ආයෝජනයක් බවද Port City Beach Plaza පවසයි.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 0778837688 හෝ 0773523280 ඔස්සේ දැනගත හැකිය. මෙය කොළඹ වරාය නගරය ඉදි කළ චයිනා හාබර් (පෞද්) සමාගම මගින් පරිපාලනය වන ව්‍යාපාරයකි.

Visits: 392