Overseas Realty (Ceylon) PLC සමාගම Havelock City හි ඉදිකළ Mireka Tower ජනපති අතින් විවෘත කෙරේ

අනාගතයේ කොළඹ කේන්ද්‍ර කරගනු ලබන වඩාත් සුවිශේෂීම කාර්යාල අවකාශය ලෙසින් ඇගයුමට පාත්‍ර වී ඇති Havelock City හි Mireka කුලුණ ජනාධිපති අතිගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දිනයේදී උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.

මෙම දැවැන්ත ගොඩනැගිල්ල වර්ග අඩි 600,000 කින් සහ මහල් 50 කින් සමන්විතය. A ශ්‍රේණිය මට්ටමට අයත් උසස් තත්ත්වයේ කාර්යාල පරිශ්‍රයක් සහිත Mireka කුලුණ, අවට නගරයේ දර්ශන පුළුල්ව පෙනෙන සේ චමත්කාරජනක නිමාවකින් යුත් පසුබිමක් නිර්මාණය කරයි. එය මේ වන විටත් කොළඹ අහස් කුසට විහිදී ගිය ගොඩනැගිලි අතරින් තවත් සුවිශේෂී වූ සංකේතාත්මක වාණිජ සංකීර්ණයක් වශයෙන් හැඳින්විය හැකිය.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ඉදිකරන ලද Mireka කුලුණ අක්කර 18 ක් පුරා විහිදී පවතින බහුවිධ සංවර්ධන ව්‍යාපෘතියක් වන Havelock City හි ප්‍රමුඛතම කේන්ද්‍රස්ථානය ද වේ. මෙය සිංගප්පූරුවේ ෂිංග් ක්වාන් සමූහයේ නිර්මාතෘවරයා මෙන්ම, Overseas Realty (Ceylon) PLC සමාගමෙහි හිටපු සභාපතිවරයෙකුව සිටි දිවංගත ව්‍යවසායක එස්.පී ටාඕ මහතාගේ උදාර සංකල්පයක් වන ‘City within a City’ (නගරය තුළ නගරයක්) යන සංකල්පය යටතේ මහා පරිමාණව ඉදිකර ඇත.

Havelock City බහුවිධ සංවර්ධන ව්‍යාපෘතිය තුළින් ඒ මහතා ශ්‍රී ලංකාවේ අගනගරය තුළ සුවිශේෂී වූ වෙනසක් අපේක්ෂා කරමින් නගරයට ගැළපෙන හා අනන්‍ය වූ, ගෝලීය වශයෙන් වටිනාකමක් ලැබෙන නාගරීකරණයක් එක් කිරීමට කටයුතු කළේය.

2016 වසරේ දී ටාඕ මහතා මෙරටේ කරනු ලැබූ අවසන් සංචාරයේදී, ඔහුගේ දිවියේ සියවස් සැමරුම් උත්සවයත් සමගින් Mireka කුලුණේ සමාරම්භක මහෝත්සවයේ මුල්ගල් තැබීමේ කටයුත්තට ද සහභාගී විය. 2020 වසරේ දී මෙම ගොඩනැගිල්ල මහල් 50 කින් යුත් දැවැන්ත කුළුණක් දක්වා ආකර්ෂණීයව ඉදිවිය.

කැපී පෙනෙන විශිෂ්ට වාස්තුවිද්‍යාත්මක පෙනුමක් එක් කරමින් නගරයේ අද්විතීයව ඉදිවී ඇති Mireka කුලුණ, දේශීය විදේශීය ගනුදෙනුකාර භවතුන් සාදරයෙන් පිළිගැනීමට නිල වශයෙන් සූදානම්ව සිටියි.

‘’අද Mireka කුලුණ නිල වශයෙන් විවෘත කිරීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙනවා. නම්‍යශීලී භෞතික අවකාශයන් සහ සේවා කටයුතු සඳහා ඉහළ ම ප්‍රමිතීන් ඇතුළත්ව කරනු ලැබූ සැලසුම් සහ නවීන පහසුකම්වලින් මෙය සමන්විතය. ආකර්ෂණීය කාර්යාල පසුබිම් නිර්මාණය කිරීමේදී ජාත්‍යන්තර මට්ටමේ ඉහළ නිර්මාණකරණයන්වල අධ්‍යයනයන් හා භාවිතයන් තුළින් ගුණාත්මකභාවයෙන් හා හොඳම පහසුකම් සහ සේවාවන් සහිත වූ අත්දැකීම් රැසක් මේ සඳහා එක් කර තිබීම විශේෂත්වයකි. අපගේ ගනුදෙනුකාර භවතුන් අතරට පුළුල් දැක්මක් සහිතව නවීන කාර්යාල සේවා අවකාශයන් අපේක්ෂා කරන සමාගම් පැමිණෙන බවට මට ලොකු විශ්වාසයක් තිබෙනවා.” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Overseas Realty (Ceylon) PLC හි සමූහ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී ප්‍රවීර් සමරසිංහ මහතා සඳහන් කළේය.

අනාගත කාර්යාල ගොඩනැගිලිවල නවීන පන්නයේ ගුණාත්මකභාවයන් සඳහා නව මිණුම් මට්ටමක් නිර්මාණය කරමින් Mireka කුලුණ, නවීන සුඛෝපභෝගී පහසුකම්වලින් අනූනව ව්‍යාපාරික මෙහෙයුම් සඳහා සුදානම්ව සිටියි. කුලුණ තුළ විවෘතව නිර්මාණය කර ඇති අවකාශය, ගොඩනැගිල්ලේ කළමණාකරණය පිළිබඳව නම්‍යශීලී බවක් එක් කරයි. එමෙන්ම එහි කාර්යක්ෂම සැලසුම් නිර්මාණය සඳහා ඒ තුළ පවතින ඉඩ කඩ පහසුවෙන් බෙදා වෙන් කිරීමට ද හැකියාව ඇත.

ගුණාත්මකභාවයෙන්, ක්‍රියාකාරීත්වය අතින් සහ තිරසාරභාවය හරහා LEED GOLD සහතිකයට ද හිමිකම් කියනු ලබන ගොඩනැගිල්ලක් වන Mireka කුලුණ, පරිගණක අනුසාරයෙන් ක්‍රියාත්මක වන රථගාල, සෝපානය සහ ගොඩනැගිලි කළමනාකරණ පද්ධති ඇතුළත් සුවිශේෂී ස්මාර්ට් යටිතල පහසුකම්වලින් සමන්විත වීමද මෙහි ඇති තවත් එක් විශේෂත්වයකි. තවද හදිසි විදුලි බිඳ වැටීම් අවස්ථාවකදී ක්‍රියාත්මක කර හැකි 100%ක ස්ථාවර බල සැපයුමකින් කුලුණ සමන්විත වන අතර, ආයතනික කාර්යාලවල අවශ්‍යතා සපුරාලීම සඳහා ෆයිබර් ඔප්ටික් (fibre optic) තාක්ෂණය ඇතුළත් අධිවේගී හඬ, දත්ත සහ සන්නිවේදන පහසුකම්වලින්ද ගොඩනැගිල්ල සක්‍රීය කර තිබේ.

එපමණක් නොව මෙම ස්ථානයෙහි සුවිශේෂී වූ ව්‍යායාම ශාලාවක්, පුහුණුවීම් සහ රැස්වීම් සඳහා වෙන් කරන ලද ශාලා පහසුකම් ද ඇත. බිම් ගත මහලේ වාහන නැවැත්වීමේ අංගන දෙකක් ඉදිකර, කාර්යාල වෙත දිනපතා පැමිණෙන ප්‍රජාවගේ පහසුව සහතික කරමින් එක වර වාහන 800 ක් ගාල් කර හැකි සුවිසල් රථගාලක් මෙම ගොඩනැගිල්ල සතුවේ.

Havelock City සාප්පු සංකීර්ණය ද වෛද්‍ය සේවා හා බැංකු පහසුකම්, සන්නිවේදන සේවා මෙන්ම ප්‍රණීත ආහාර පාන වර්ග ලබාගැනීමඇතුළුව විවිධ වූ සුපිරි වෙළඳසැල්වලින් සමන්විතය. මෙහි සිටින ප්‍රජාවන්ට හා පැමිණෙන පාරිභෝගිකයන් හට ඒ වෙත පියනගමින් ඉහළ මට්ටමේ සුව පහසුව ඇතුළත් සාප්පු සවාරියක අත්දැකීම විඳගැනීමට අවස්ථාව හිමිවේ.

මෙම ගොඩනැගිල්ලේ ඉහළ මට්ටමේ අවකාශයක් වෙත අවතීර්ණ වීම තහවුරු කරමින් කීර්තිමත් ගනුදෙනුකාර භාවතෙකු වන HSBC Electronic Data Processing Lanka (Pvt) Ltd සමාගම (HSBC EDPL) එහි ස්ථාපිත වීමට නියමිතව ඇති අතර එම සමාගම ළඟදීම ඉහළින් ම පිළිගැනීමට Mireka කුලුණ සූදානමින් සිටියි. HSBC EDPL සමාගම විසින් Mireka කුලුණේ කාර්යාල අවකාශය තුළ මහල් අටක් හිමිකර ගනු ඇත.

Mireka කුලුණේ ඉදිකිරීම් සංවර්ධන කටයුතු කර තිබෙන්නේ කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ (WTC) හිමිකරු, කළමනාකරු සහ සංවර්ධකයා වන,Overseas Realty (Ceylon) PLC සමාගමෙහි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන Havelock City (Pvt) Ltd සමාගම විසිනි. Overseas Realty (Ceylon) PLC සමාගම, වාණිජ වෙළඳපොළෙහි සිය පුළුල් වූ හැකියාව, දැනුම සහ පළපුරුද්ද සමගින් සියල්ලන්ට ඉහළින් තම ආධිපත්‍යය දරමින් කටයුතු කරයි.

Visits: 265