සුපැහැදිලි දසුන් සමඟින් Samsung හි අඟල් 32 HD රූපවාහිනිය ආකර්ෂණීය දීමනා සමඟින්

ලොව අංක 1 රූපවාහිනී සන්නාමය වන සැම්සුන් හි three-side bezel-less තිරය සහිත අඟල් 32 HD රූපවාහිනිය ඔබට තාක්ෂණයෙන් පරිපූර්ණ විශේෂාංග රැසක් සමඟින් සීමා මායිම් නැති රසවින්දනයක් ඔබ වෙත රැගෙන එයි.

තිරය කුඩා ප‍්‍රමාණයේ වුවත් විශේෂාංග රැසකින් සමන්විත රූපවාහිනියක් සොයන පරිභෝගිකයින්ට ඔවුන්ගේ වෙනස් වන අවශ්‍යතාවන් සඳහා ඉතා නිවැරදි හා උසස් තත්වයේ නැරඹුම් අත්දැකීමක් ලබා දීමේ අරමුණින් මෙම රූපවාහිනිය නිර්මාණය කර තිබීම විශේෂිතය.

 මෙම රූපවාහිනිය සැම්සුන් හි නිල online වෙළෙඳ වෙබ් අඩවිය වන Samsung EStore සහ බලයලත් හවුල්කරුවන් වන Singer, Softlogic, Singhagiri සහ Damro වෙතින් රු. 2777ක් වැනි ආකර්ෂණීය අවම මාසික වාරික සැලසුමකට දැන් ඔබට මිලදී ගත හැකිය.

High Dynamic Range සහ PurColor technologies වෙතින් බලගැන්වුනු මෙම රූපවාහිනිය මගින් අඳුරුතම හා දීප්තිමත් දසුන්වලට සමානව ඉතා උසස් තත්වයේ රූපරාමු තිරය මතට ගෙන ඒමට පුළුල් වර්ණ පරාසයක් ලබා දෙයි. Contrast Enhancer ර මගින් නරඹන්නාට වැඩි දියුණු කළ සුපැහැදිලි හා ගැඹුරු රූප රාමු ලබා දෙන අතරම Ultra Clean View තාක්ෂණය තුළින් සැබෑ රූපය මනාව විශ්ලේෂණය කරමින් අඩුපාඩු අවම ඉහළම තත්වයේ රූප රාමු ලබා දෙයි.

මෙම රූපවාහිනිය Dolby Digital Plus තාක්ෂණයෙන් සන්නද්ධ නිසා එහි ඇති ත‍්‍රිමාණ (3D) ශබ්ද තරංග සමඟින් නරඹන්නන්ට ඔවුන්ගේ නිවෙස්වල සුවපහසුව සිටිමින් සැබෑ සිනමාරූපී අත්දැකීමක් විඳගැනීමට හැකියාව ඇත.

විශේෂයෙන්ම කුඩා කාමරවලට යෝග්‍ය ලෙස ඉතා අපූරුව නිර්මාණය කර ඇති මෙම හැඩකාර  රූපවාහිනිය පාරිභෝගිකයින් වැඩි වශයෙන් භාවිත කරනු ලබන PC Mode සහ Screen Mirroring වැනි බහු-ක‍්‍රියාකාරී විශේෂාංග රැසකින් සමන්විතය. අන්තර්ගතයට කැමැත්තක් දක්වන්නන්ට එහි ඇති Universal Guide මගින් වමක් නැරඹීමේදී තමාගේ කැමැත්ත පරිදි නැරඹිය යුතු දේ ඉක්මනින් තීරණය කිරීමට සහාය වෙයි.

මෙම three-side bezel-less තිරය සහිත අඟල් 32 HD රූපවාහිනිය අපගේ සැම්සුන් Smart TV මාලාවට කදිම එකතුවකි. විශිෂ්ට හා රසවින්දනාත්මක නැරඹුම් අත්දැකීමක් ලබා දෙන කුඩා ප‍්‍රමාණයේ රූපවාහිනියක් සොයන පාරිභෝගිකයින් සඳහා එය කදිම තේරීමකි. එමෙන්ම ආකර්ෂණීය EMI විසඳුම් පිරිනමමින් බහු-ක‍්‍රියාකාරී රූපවාහිනියක් ලෙස ඔබ නිවසේ සිට වැඩ කිරීමේදී home office තිරයක් හෝ gaming monitor එකක් ලෙස ද මෙය භාවිත කළ හැකිය.

Visits: 61