SLT-MOBITEL ජාතික ව්‍යාපාරික නාමාවලිය වැඩිදියුණු කළ විද්‍යුත් නාමාවලියක් සහ වෙබ් අඩවියක් ලෙසින්

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන SLT Digital Services (පුද්.) සමාගම (SLT-DIGITAL) එහි නවතම යාවත්කාලීන කළ ජාතික විද්‍යුත් ව්‍යාපාරික නාමාවලිය (eDirectory) සහ වෙබ් අඩවිය (Website) එළිදක්වා තිබේ.

ශ්‍රී ලංකාවේ වඩාත්ම යාවත්කාලීන වූ ඉලෙක්ට්‍රොනික ව්‍යාපාරික නාමාවලිය වන මෙය මෙරට සාමාන්‍ය පාරිභෝගිකයන්ට මෙන්ම ව්‍යාපාරික පාරිභෝගිකයන්ට ද අතිශයින් වැදගත් වනු ඇත. දැනටමත් www.rainbowpages.lk වෙබ් අඩවියට දිනකට 10,000කට අධික පිරිසක් පිවිසෙන අතර, එය ශ්‍රී ලංකාවේ වඩාත්ම ප්‍රශස්තකරණය වූ සෙවුම් යන්ත්‍රය ලෙස සැලකේ.

විශේෂයෙන්ම මෙරට ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල තහවුරු කරන ලද සම්බන්ධතා තොරතුරු මීට ඇතුළත් වී තිබීම, එම ව්‍යාපාරවලට සහ ගනුදෙනුකරුවන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් ය. Business to Business (B2B) ව්‍යාපාර ඇතුළු සියලුම කාණ්ඩවල ව්‍යාපාරවලට Search Engine Optimization (SEO) සහ Search Engine Marketing (SEM) ක්‍රමවේද භාවිතා කළ හැකි වීම නිසා ඔවුන්ට වැඩි පාරිභෝගික පිරිසක් ආමන්ත්‍රණය කරමින් තම අලෙවිය වැඩි කර ගැනීමට අවස්ථාව ලැබේ.

විද්‍යුත් නාමාවලියෙහි ලියාපදිංචි වී ඇති සියලුම ව්‍යාපාරවලට අමතර සහායක් වශයෙන්, සියලු ආකාරයේ ඩිජිටල් අලෙවිකරණ, වෙබ් සංවර්ධන සහ ප්‍රචාරණ විසඳුම් එකම ස්ථානයකදී ලබාගත හැකිය. මෙම ලැයිස්තුවෙහි ලියාපදිංචි වී සහ ලැයිස්තුගත වී සිටින ව්‍යාපාරවලට රජයේ ටෙන්ඩර් සඳහා ද සැපයුම්කරුවන් ලෙස ඉදිරිපත් විය හැක. මෙම ව්‍යාපාර මහා භාණ්ඩාගාරයේ අනුමත ලියාපදිංචි සැපයුම්කරුවන් ලෙස සලකනු ලබන නිසා, මධ්‍යගත රාජ්‍ය ප්‍රසම්පාදන කටයුතුවලට දායක වීමට ඔවුන්ට වැඩි වශයෙන් අවස්ථා හිමි වේ.

විද්‍යුත් ව්‍යාපාර නාමාවලියේ ලියාපදිංචි සමාගම් හා ආයතනවලට මාධ්‍ය කිහිපයක් ඔස්සේ තම නිෂ්පාදන හා සේවා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලැබෙන නිසා, පාරිභෝගිකයන්ට වඩාත් පහසුවෙන් එම තොරතුරු ලබාගැනීමේ හැකියාව පවතී. මුද්‍රිත නාමාවලිය, ඩිජිටල් නාමාවලිය, ජංගම යෙදුම, විද්‍යුත් පොතක්, ඇමතුම් මධ්‍යස්ථාන සේවාව (SLT 1212, Mobile 444), IVR ප්‍රවර්ධන සේවා, ඩිජිටල් අලෙවිකරණය, සමාජ මාධ්‍ය දැන්වීම්කරණය සහ වෙබ් නිර්මාණය ඇතුළු බොහෝ ක්‍රමවේද හරහා ව්‍යාපාරවලට තම තොරතුරු සන්නිවේදනය කළ හැකි වේ.

SLT-DIGITAL යනු ඩිජිටල් අලෙවිකරණය, ව්‍යාපාර නාමාවලි ප්‍රචාරණය, ඩිජිටල් නාමාවලි විසඳුම්, වෙබ් සංවර්ධන විසඳුම්, උත්සව කළමනාකරණය, ප්‍රවර්ධන හා සන්නාම සේවා සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් ඇතුළු විසඳුම් හා සේවා රාශියක් ලබාදෙන සමාගමකි. රටේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර කාණ්ඩය තුළ ජනප්‍රියම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ අලෙවිකරණ විසඳුම් සම්පාදකයා බවට පත්වීම එහි අරමුණයි.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.rainbowpages.lk, සහ www.rainbowpages.lk/ebook වෙතින් හෝ 1212 (ඇමතුම් මධ්‍යස්ථානය) සහ 0112 399 399 (ක්ෂණික ඇමතුම්) අංක හරහා ලබාගත හැකි වේ.

Visits: 52