DIMO 10 වන වතාවටත් Great Place To Work සම්මානය දිනාගනිමින් Legends නාමයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සමාගම, පසුගියදා පැවති ‘Great Place To Work’ සම්මාන උළෙලේ දී, සේවය කිරීම සඳහා හොඳ ම ආයතනයක් ලෙස අඛණ්ඩව 10 වැනි වරටත් සම්මානයට පාත්‍ර වෙමින් Legends නාමයෙන් පිදුම් ලබයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් DIMO සමාගමේ විධායක අධ්‍යක්ෂිකා / සමූහ ප්‍රධාන මානව සම්පත් නිලධාරිණී දිල්රුක්ෂි කුරුකුලසූරිය මහත්මිය ප්‍රකාශ කළේ, “වසංගත තත්ත්වය නිසා නිර්මාණය වූ අභියෝගවලට අප සමාගම කෙතරම් හොඳින් මුහුණ දී තිබෙනවාද යන්න වගේ ම ඒ වෙනුවෙන් අප අනුගමනය කළ ආයතනික ක්‍රියා මාර්ග DIMO කණ්ඩායම කෙතරම් දුරට පිළිගෙන තිබෙනවා ද යන්න මෙම සම්මානයෙන් පෙන්නුම් කරනවා. අපි අපගේ මානව සම්පත වෙත අවධානය යොමු කිරීම නිසා ම වසර 10 ක් අඛණ්ඩව මෙම වටිනා සම්මානය දිනා ගැනීමට හැකි වුණා. අපගේ වටිනා සේවක සේවිකාවන්ගේ සිහින හා අභිලාෂයන් බලගැන්වීම පිළිබඳ අරමුණ යතාර්ථයක් බවට පත් කිරීම වෙනුවෙන් අප දියත් කරන වැඩසටහන් වඩාත් සාර්ථක බව මෙම සම්මානය මගින් තහවුරු කරනවා.” යනුවෙනි.

DIMO සමාගම ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සිය ව්‍යාපාරික මෙහෙයුම් ක්‍රියාත්මක කරන අතර,සේවක වටිනාකම් කෙරෙහි අවධානය යොමු කරමින් දශක ගණනාවක් පුරා සිය ආයතනික පරිසරය තුළ විශිෂ්ටයින් රැසක් බිහි කිරීමට සමත්ව ඇත. යම් ව්‍යාපාරයක් වර්ධනය කිරීම සඳහා විවිධ දක්ෂතා සහිත වෘත්තිකයින් සිටීම ඉතා වැදගත්‍ ය. එමෙන් ම තමා වෙත පැමිණෙන වෘත්තිකයින් සම්බන්ධ කර ගැනීමේ දී ඔවුන් සතු කුසලතා පිළිබඳව පමණක් අවධානය යොමු කරන DIMO සමාගම සිය සේවක සේවිකාවන්ට කණ්ඩායමක් ලෙස ගොඩනැඟිය හැකි ආයතනික සංස්කෘතියක් නිර්මාණය කිරීමට උපරිමයෙන් කැප වෙයි.

DIMO සිය සේවක සේවිකාවන්ගේ නිදහස අගයමින්, සැම විට ම ඔවුන්ගේ අදහස්වලට ප්‍රමුඛත්වය දීමට කටයුතු කරන අතර, සෑම සේවකයෙකු වෙත ම අරමුණුගත කාර්යයභාරයක් පැවරෙන නිසා එය සමාගමේ මෙහෙවර සමඟ සක්‍රීයව බැඳී පවතී. එමෙන් ම DIMO සමාගමේ විවෘත ප්‍රතිපත්ති සහ ආයතනික වශයෙන් මෙන් ම, ඉන් පරිබාහිරවත් වෘත්තීය සංවර්ධනය කිරීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර, පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද එම සමාගම ප්‍රමුඛතාව ලබා දෙයි.

ඕනෑ ම අභියෝගාත්මක තත්ත්වයක දී ඉතා ඉක්මණින් හා විශ්වාසයෙන් එම තත්ත්වයට හැඩගැසිය හැකි, කඩිසර මෙන් ම ශක්තිමත් ශ්‍රම බලකායක් DIMO සමාගම සතු වන අතර, අව්‍යාජ නායකත්වය, විනිවිදභාවය හා සමානාත්මතාව එම සමාගම කෙරෙහි සේවක සේවිකාවන්ගේ විශ්වසනීයත්වය වර්ධනය කිරීමට හේතු වී ඇත. DIMO සමාගම සතු නායකත්වය ද එම සමාගමේ බැඳීම් වර්ධනය කිරීමට සමත් බව පැවසිය හැකිය.

සමස්තයක් ලෙස, කුසලතාව හා සමානාත්මතාව තුළින් සිය සේවක සේවිකාවන් බලගැන්වීමට කටයුතු කරන DIMO සමාගම නිර්මාණශීලී චින්තනයකින් යුතු පරිපූර්ණ වෘත්තිකයෙකු නිර්මාණය කිරීම වෙනුවෙන් උපරිම සහයෝගය ලබා දෙයි. සිය බඳවා ගැනීමේ හා කුසලතා වර්ධන ක්‍රියාවලිය හේතුවෙන් සේවක සේවිකාවන්ගේ හැකියාවන් හොඳින් අවබෝධ කරගන්නා DIMO සමාගම එම හැකියාවන් ඉක්මණින් වර්ධනය කරගැනීම සඳහා හැකි උපරිම සහයෝගය ලබා දෙයි.

DIMO, සමාගම සිය සේවක සේවිකාවන්ගේ විවිධ හැකියාවන් හඳුනා ගනිමින්, එම හැකියාවන් ඔස්සේ ආයතනික අරමුණු සාක්ෂාත් කරගැනීමට කටයුතු කරන අතර, එහි දී හඳුනාගන්නා දක්ෂතා සපිරි පුද්ගලයින් සාර්ථකත්වය කරා මෙහෙයවීමට, සහාය දීමට සහ අභිප්‍රේරණය කිරීමට නිරන්තරයෙන් කටයුතු කරයි.

Visits: 71