ඉන්ධන මිල පහළට – පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් රු. 370.00යි

අද රාත්‍රී 9.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනයක් සිදු කරන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. මේ වනවිට ක්‍රියාත්මක ඉන්ධන මිල සූත්‍රය යටතේ සෑම මසකම 01 වැනිදා සහ 15 වැනිදා සිදු කරන මිල සංශෝධනය යටතේ මෙම තීරණය ගෙන තිබේ.

මෙහිදී ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් 40.00කින් සහ ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15.00 අඩු කෙරෙන බව සඳහන් වෙයි.

ඒ අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල මෙතෙක් පැවැති රුපියල් 410.00 සිට  රුපියල් 370.00ක් දක්වා පහත වැටෙයි. එසේම ලංකා සුදු ඩීසල් ලීටරයක මිල මෙතෙක් පැවැති රුපියල් 430.00ක සිට රුපියල් 415.00ක් දක්වා පහත වැටීම සිදුවෙයි.

කෙසේ වෙතත් ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් – යූරෝ 4 ලීටරයක මිල, ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 ලීටරයක මිල, ලංකා භූමිතෙල් සහ ලංකා කාර්මික භූමිතෙල් මිල නොවෙනස් වන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

Visits: 85