HSBC රාජගිරියේ සිට යුනියන් ප්ලේස් යයි – ඉන්පසුව හැව්ලොක් සිටි වෙත

රාජගිරියේ ඉදිකළ සුප්‍රසිද්ධ ගොඩනැගිල්ලේ පිහිටි HSBC බැංකුවේ කාර්යාලය මෙම මාසය අගදී යුනියන් පෙදෙසේ පිහිටි අලුතින් ඉදිකළ සිය ගොඩනැගිල්ලක් වෙත මාරු වීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි. පසුගිය වසරේදී සිදු කළ සැලසුමකට අනුව මෙම කටයුතු සිදු වන බව සඳහන් වෙයි.

මෙරට තුළ ස්ථාපිත කෙරුණු HSBC Electronic Data Processing Lanka (Pvt) Ltd. සමාගම හෙවත් HSBC EDPL ලෙස මෙම සමාගම එම ගොඩනැගිල්ල තුළ සිය මෙහෙයුම් සිදු කෙරිණි. මෙම EDPL සේවාව HSBC බැංකුවෙහි ගෝලීය සේවා මධ්‍යස්ථාන අතර ප්‍රධාන තැනක් ගත් අතර, මේ වනවිට ලොව පුරා එවැනි ස්ථාන අටක් තුළ එවැනි කාර්යාල පිහිටුවා තිබේ.

විශේෂයෙන්ම මෙරට වෙත ඩොලර් ආදායම් ඉපැයීමේ ප්‍රධානතම කාර්යභාරයක් සිදුකළ සමාගමක් ලෙසටද මෙය සැලකෙයි.

ඒ අනුව මෙම මාසය අගදී රාජගිරියේ පිහිටි මෙම HSBC EDPLසමාගම යුනියෙන් පෙදෙසේ පිහිටි HSBC ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ ඉදිකළ නව ගොඩනැගිල්ල වෙත රැගෙන යාමට සූදානමින් සිටින බව ‘ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා වෙබ් අඩවියට‘ වාර්තා විය.

එසේම ඉදිරියේදී එම සමාගම හැව්ලොක් සිටි හි ඉදි කර ඇති නවතම Mireka Tower ගොඩනැගිල්ල වෙත යාමටද නියමිතව තිබේ.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී හැව්ලොක් සිටි (පෞද්) සමාගම සහ HSBC EDPL අතර ඇති කරගත් එකඟතාවකට අනුව මහල් අටකින් සමන්විත කාර්යාල අවකාශයක් එම සමාගම වෙත ලබාදෙනු ඇතැයි සඳහන් වෙයි.

මෙම Mireka Tower ගොඩනැගිල්ලේ වැඩකටයුතු මෙම වසර ඇතුළතදී අවසන් කිරීම සැලසුම වී ඇති අතර, එම ගොඩනැගිල්ල මහල් 50කින් සමන්විත වෙයි. එය වඩාත් කාර්යක්ෂම කාර්යාලය අවකාශයන් සඳහා ගැලපෙන ලෙස ඉහළම ඉදිකිරීම් තාක්ෂණයන් භාවිතා කරමින් ගෙඩානගා ඇතැයිද පවසයි.

එසේම Mireka Tower ගොඩනැගිල්ල ඉදිකරන Mireka Capital Land (pvt) Ltd. සමාගම හැව්ලොක් සිටි පෞද්ගලික සමාගම අයත් Overseas Realty (Ceylon) PLC සමාගමට පූර්ණ හිමිකාරීත්වය අයත් අනුබද්ධිත සමාගමකි. සුප්‍රසිද්ධ කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ඉදිකළේද මෙම Overseas Realty (Ceylon) PLC සමාගමයි.

HSBC EDPL සමාගමේ ඉවත්වීමෙන් අනතුරුව හිස්වන රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ල ඉදිරියේදී මෙරට තවත් වාණිජ බැංකුවක ශාඛාවක් පිහිටුවීම සඳහා යොදා ගනු ඇතැයි ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 408