ජාවාරම් කිරීම වෙනුවෙන් රන් භාණ්ඩ පැළැද එන්නන්ට එරෙහිව නීතිමය පියවර

ජාවාරම් කිරීමේ අරමුණින් ප්‍රමාණය ඉක්මවා රන්භාණ්ඩ පැළැද මෙරටට පැමිණෙන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මෙලෙස ජාවාරම් කිරීම වෙනුවෙන් සිදුකරන මෙවැනි රන් භාණ්ඩ රැගෙන ඒම් නිසා වසරකට රටට ඩොලර් මිලියන 30ක පමණ ආදායමක් අහිමිවන බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව මෙම ජාවාරම්කරුවන් හඳුනාගැනීම සිදු කර ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි. කෙසේ වෙතත් මෙම නීතිමය ක්‍රියාමාර්ග ගැනීම හරහා සාමාන්‍ය මගීන්ට කිසිදු අසාධාරණයක් සිදු නොවන බවද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

Visits: 92